Home / Editor's Choice / ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ආ ගිය ටෙලිනාට්‍ය සමීක්ෂකයින් නිරෝධායනයට!

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ආ ගිය ටෙලිනාට්‍ය සමීක්ෂකයින් නිරෝධායනයට!

email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
පසුගිය දිනවල ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට බාහිරින් පැමිණි ටෙලිනාට්‍ය සමීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනකුට
පමණ තම තමන්ගේ නිවෙස්වල  හිඳිමින් නිරෝධායනයේ නිරතවන ලෙස දැනුම්  දීමක් කර ඇතැයි වාර්තාවේ.
එවැනි දැනුම් දීමක් සිදුකර ඇත්තේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානියකු ඇතුළු සිව් දෙනකුට කෝව්ඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම නිසාය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවය කළ කාර්යාල කාර්ය සහායකවරයකුට වෛරසය ආසාදනය වී ඇති බව පසුගියදා සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර තිබුනි.
පසුව අනාවරණය වී තිබූනේ ඔහු ඔක්තෝබර්  16 දා පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට ගොස් ඇති බවයි.
පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට ගිය පුද්ගලයන්ට පීසීආර් පරීක්ෂණයකට ලක්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කර තිබුනද ඔහු තම ගමන පිලිබඳ තොරතුරු සඟවා  කාර්යාලයේ එක් අංශයක රාත්‍රිය ගතකර ඇති බවත් මාධ්‍ය විසින් වාර්තා කර තිබුනි.
ඒ අනුව ඔහු ඇසුරු කල ආශ්‍රිතයින් වූ රියදුරන් හා කාර්ය මණ්ඩල සහයකයින්  ද මේවනවිට අමාත්‍යංශය තුලම නිරෝධායනයට ලක්කර ඇති අතර එම තත්වයතුල ජනමාධ්‍ය අමාත්‍යංශයේ හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  සේවකයින් පමණක් නොව එම ආයතනවලට යන එන පුද්ගලයින් ද අවධානමකට ලක්ව ඇත.
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, කොරෝනා වලින් වැළකීමට රටටම උපදෙස් දෙන මෙම ආයතනය සිය සේවකයින් කොරෝනා වලින් ආරක්ෂාවීම ගැන උනන්දු නොවීම මෙවැනි තත්වයක් ඇතිකිරීමට බලපෑ බවයි.
”මේ ආයතනයේ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් ‘මාස්ක්’ පවා පලදින්නේ නැහැ. ආයතනයේ පිරිසිදු කිරීම් පවරලා තියන්නේ බාහිර ආයතනයකට. ඒ සේවකයින් බොහෝදෙනෙක් පදිංචිවෙලා ඉන්නේ කොවිඩ් අනතුරක් පවතින කොළඹ තදාසන්න ප්‍රදේශවල. ඇත්තටම අපේ ආයතනයේ බලධාරීන් මේ ගැන කිසිම සැලකිල්ලක් ගත්තේ නැහැ. දැන් සඳුදා වැඩට එන්නත් කියලා දැනුම්දීලා තියනවා. ඇත්තම කියනවා ලොක්කෝ අපේ ජිවිත බිල්ලට දෙන්නැයි යන්නේ..” යයි එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
theleader.lk

About freddy

Check Also

karapitiya hospital

කරාපිටියේ PCR පරීක්ෂණ දැඩි දුෂ්කරතා මැද කෙරෙන හැටි

කරාපිටිය ශික්ෂණ රෝහලේ පීසීආර් පරීක්ෂණ සිදුකරන වයිරස විද්‍යා ඒකකයේ අඩුපාඩු රැසක් පවතී. මේ අඩුපාඩු ඉක්මණින් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *