Home / Articles / විදුලි සැර වැදුන තරුණයෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදුන තරුණයෙක් ජීවිතක්ෂයට

image_7655e8db3f

සිය ලොරි රථයේ ගමන් කරමින් සිටියදී විදුලිසැර වැදීමෙන් ගල්පොත්තයායේ පදිංචිව සිටි 33 වැනි වියේ පසු වූ දෙදරු පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ ජාසිං ආරච්චිගේ අමිල උදයංග නැමැති පුද්ගලයෙකි.

ඔහු ඊයේ (28) දින සවස ගල්පොත්තයායේ පිහිටි තම නිවසට යාම සදහා ප්‍රධාන මාර්ගයේ සිට අතුරු මාර්ගයට ලොරි රථය හැරවීමට යාමේදී ඒ අසල තිබූ විදුලි කණුවක අනාරක්ෂිතව තිබූ විදුලි රැහැනක ලොරිය ගැටී මෙම අනතුරුව සිදුව ඇති බවට මිද්දෙනිය පොලීසිය සැක පහළ කරයි.

සිදුවීමෙන් පසු ඔහුව රෝහල් ගත කිරීමට ගම්වාසීන් කටයුතු කර ඇති නමුත් රෝහලට රැගෙන යන විටත් ඔහු මිය ගොස් තිබූණු බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

 

About freddy

Check Also

image_abd12eb7e9

බඩු මිල පහත දමන්නැයි ඉල්ලා බලපිටියේ විරෝධතා

බඩු මිල පහත දමන්නැයි ඉල්ලමින් පැවැත්වූ විරෝධතාවයක් ඊයේ (14)බලපිටිය බස් නැවතුම්පොළ ඉදිරිපිටදී පවැත්විණ.ඉහල යමින් පවතින ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *