Home / News / දුම්රිය සංඥා ගණන් නොගත් රියදුරෙකු යතුරු පැදිකරුවන්ට කළ හදිය …

දුම්රිය සංඥා ගණන් නොගත් රියදුරෙකු යතුරු පැදිකරුවන්ට කළ හදිය …

image_8a63eec63eගාල්ල මකුළුව දුම්රිය හරස් මාර්ගයේදි මාතර සිට වව්නියාව බලා ධාවනයවු  ශීඝ්‍රගාමී දුම්රි‍යේ හැපුන ලොරියක් ආපස්සට කැරකි නවතා තිබු යතුරු පැදි දෙකක වැදි සිදුවු අනතුරකින් බරපතල තුවාල ලැබු යතුරු පැදිකරුවකු අද කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ගාල්ල පොලිසිය පවසයි.

අනතු‍රෙන් තුවාල ලබා ඇත්තේ අක්මිමණ වලහන්දුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

සිද්ධිය ඇසින් දුටු කවිෂ කල්හාර යන අය කියා සිටියේ දුම්රිය හරස් මාරගයේ විදුලි පහන් දැල්විම නිසා තමන් සහ තවත් අයකු යතුරු පැදි නවතා ගෙන සිටි අතර පසු පසින් පැමිණ ලොරිය යතුරු පැදි දෙකට මැදින්  අනාරක්ෂිත ලෙස ඉදිරියට යනවිට එකවරම දුම්රියේ හැපි  කැරකි ආපස්සට පැමිණ යතුරු පැදි දෙකේ වැදුන බවය.

එහිදි එක් යතුරු පැදියක් ලොරියට යටවු අතර තමාගේ යතුරු පැදියද විසිවි ගොස් සුලු තුවාල ලබා බේරුණ බවත් ඔහු කිය. මෙම ස්ථානයේ මෙයට මාස තුනකට පමණ පෙරද මෝටර රථයක් දුම්රියේ  දෙදෙනෙකු මිය ගොස් ඇත.

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *