(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර අධ්‍යාපන කලාපයේ කාර්ය මණ්ඩලයට මැද්දවත්ත අත්‍යාවශ්‍ය සේවා පිරවූම්හලෙන් ඉන්ධන නිකුත් කිරීමට සැලසුම් කර තිබුණ ද ඉන්ධන තොග නොලැබීම නිසා මෙම සතියේ පාසල් පැවැත්වීම අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බව පෝලිමේ සිටි ගුරුවරුන් පැවසීය.

විශේෂයෙන්ම මාතර මහ දිසාපතිවරයා විසින් මාතර අධ්‍යාපන කලාපයේ ගුරුවරුන්ට  මැද්දවත්ත ඉන්ධන පිරවුම්හල වෙන් කර දී තිබුණි.

ඒ සදහා ඊයේ (25) සවස සිට අධ්‍යාපන කාර්ය මණ්ඩලය පෝලිමට එකතු වී සිටි අතර අද සවස් වන තෙක්ම ඉන්ධන තොග නොලැබීම නිසා ඔවුන් මාතර කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධය දැක්වීය.

පෙට්‍රල් ලීටර් 6600 ක් ගැනීම සදහා අධ්‍යාපන කාර්ය මණ්ඩලයේ 4000 කට වැඩි පිරිසක් පෝලිම් වල සිටියේය.

වාහන පෝලීම කිලෝ මීටර් හතරක් පමණ දුර කුඹල්ගම දක්වා ද යතුරු පැදි පෝලිම කිලෝ මීටර් දෙකක් දුර රස්සන්දෙනිය දක්වාද විහිදී ගොස් තිබුණි.

(lankadeepa)