Home / News / ගාලු මුවදොර යාචකයන් දකුණට …

ගාලු මුවදොර යාචකයන් දකුණට …

ගාලු මුවදොර පිටියේ යාචක හිරිහැරය මැඩලීමට වරාය  සහ පොලිසිය  විසින් ඒකාබද්ධ වැඩපිලිවෙලක් ආරම්භ කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසා  ඇතැයි ada.lk වෙබ් අඩවිය වාර්තා කර තිබේ

ගාලු මුවදර පිටිය තුල යාචකයින් පිරිස වැඩි වී ඇති බවත්, යාචකයින් 150ක් පමණ පිරිසක් සිගමන් යදිමින් ජනතාවට විශාල හිරිහැරයක් වී ඇති බවත් වාර්තා වී ඇතැයි එම අමාත්‍යාංශය පවාස ඇතැයි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

මෙම යාචකයින්ගෙන් සිදු වන හිරිහැරය පිළිබඳව නිරතුරුව වරාය අමාත්‍යංශය වෙත වාර්තා  ලැබී ඇති බවත් මෙම ප්‍රශ්නයට පිළියමක් ලෙස මෙම යාචකයින් හම්බන්තොට රිදියගම පිහිටි සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ස්ථාන ගත කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා වරාය අධිකාරිය සහ පොලිස් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරන බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය අවධාරණය කරයි.

මෙම යාචකයින් රිදියගම මධ්‍යස්ථානය තුල ස්ථාන ගත කිරිමේදී ඔවුන් සඳහා අවශ්‍ය නවාතැන් පහසුකම් සහ ආහාර පාන සැපයීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එයට අනුබද්ධිත ආයතන විසින් සමාජ සත්කාරක සේවයක් ලෙස මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන ලෙසට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් උපදෙස් ලබා දෙන දි ඇතැයි ada.lk වෙබ් අඩවිය සදහන් කර ඇත

 

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *