Home / Editor's Choice / මව්බිම සහ CEYLON TODAY පුවත්වලට විරෝධය !

මව්බිම සහ CEYLON TODAY පුවත්වලට විරෝධය !

xahimsa-800px-24-100-19.jpg.pagespeed.ic.-8jO3u-0fRමාධ්‍ය නිවේදනයයි

CEYLON TODAY සහ මව්බිම පුවත් පත් වල (2019-10-23) දින
පළ වූ විකෘති කරන ලද ඡායාරූපයක් සම්බන්ධවයි

කොළඹ, 2019 ඔක්තෝබර් 23 වැනි දින: අපරාධයක වින්දිතයෙකු ගේ ඡායාරූපයක් ඉහත සඳහන් කර ඇති පුවත් පත් මඟින් විකෘති කර පළ කිරීම මාධ්‍යවේදීන් වන අපි, දැඩි ලෙස හෙළා දකිමු.

එක්සත් ජනපදයේ අධිකරණ තීන්දුවක් පිළිබඳ ඔවුන් ගේ තම පුවත්පත්වල මුල් පිටුවේ ප්‍රධාන පුවත ලෙස පළ කළ පුවතේ ඝාතනයට ලක් වූ ද සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මෙනවියගේ ප්‍රසිද්ධ ඡායාරූපයක් විකෘති කොට නින්දා සහගත හා අපහාසාත්මක ලෙස පළ කොට ඇත. එහි මුල් ඡායාරූපයෙහි දැක්වන්නේ ඇයගේ පියා වූ දිවංගත ලසන්ත වික්‍රමතුංග මහතාගේ රාමුගත පින්තූරයක් සමඟ ඇය සිටින ආකාරයයි. මව්බිම සහ සිලෝන් ටුඩේ හි මුල් පිටුවල පළ වූ එම ඡායාරූපය සංස්කරණය කරමින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ රූපය වෙනුවට ඇමෙරිකානු අධිකරණය විසින් ලබා දෙන ලද අධිකරණ තීන්දුවේ ඡායාරූපයක් ඇතුළත් කොට පළකර ඇත.

මූලික පුවත්පත් ආචාර ධර්ම පවා කඩකරමින් මේ ආකාරයට වින්දිතයකු සම්බන්ධ ව ප්‍රසිද්ධ, සංවේදී ඡායාරූපයක් අපහාසාත්මකව පළ කොට ප්‍රදර්ශනය කිරීම මාධ්‍ය වෘත්තිකයන් ලෙසින් අප බලවත් සේ කළකිරීමට සහ කණගාටුවට පත් වන්නේ ලසන්ත වික්‍රමතුංග යනු පුවත් පත් කලාව තුළම නිරත ව තම වෘත්තිය නිසාම ජීවිතයෙන් වන්දි ගෙවු මෙරට පුවත් පත් කතුවරයකු වීම නිසාය.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රජාවට අහිම්සා වික්‍රමතුංග සුවිශේෂී චරිතයකි. ඇයගේ පියා මාධ්‍ය කලාවේ නිරත වී සිටි අපේම සහෘදයෙකි. කවුරුන් හෝ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළත්, එම ඝාතනයට මුල් වුයේ ඔහුගේ පුවත්පත් කලාව බවට සැකයක් නැත. එපමණක් නොවේ, වසර 10 කටත් වඩා ගත වී ඇතත් මෙම දරුණු අපරාධයට සම්බන්ධ ඝාතකයින්ට තවම දඬුවම් ලැබී නොමැත.

තම පියාගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය සෙවීම සඳහා වික්‍රමතුංග මෙනෙවිය විසින් ගෙන එන ලද නඩු විභාගයේ තත්ත්වය කුමක් වුවත්, මාධ්‍යවේදීන් වශයෙන්, ඇයගේ ශෝක වීමේ සහ යුක්තිය පසිඳලීමේ නීත්‍යානුකූල අයිතියට අප ගරු කළ යුතුය. ඇය තම ආදරණීය පියාණන්ගේ ඝාතනය පිළිබඳව යුක්තිය අපෙක්සා කරන්නේ ඒ නිසාය. ලසන්ත වික්‍රමතුංග ඊයේ ගොදුරක් විය. හෙට, එය අප අතරින් ඕනෑම කෙනෙකුම ලක්විය හැකි ය. එවන් අඳුරු අවස්ථාවක, අප වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් සටන් කරන්නට වන්නේ අපේ පුතුන් හෝ දියණියන් විය හැකිය.
අහිම්සා වික්‍රමතුංගගේ අදහස් සමඟ අප එකඟ වීම අවශ්‍ය නැත. එසේ වුවද අපගේ වෘත්තීය භාවිතය නිසා බොහෝ විට පැහැර ගැනීම්, වධහිංසා පැමිණවීම් සහ මිනීමැරුම්වලට ලක්වූ වෘත්තිකයින්ගේ සහ ඔවුන්ගේ ඥාතින් විසින් යුක්තිය පසිඳලීම හා සම්බන්ධ කරුණු වාර්තා කිරීමේදී ඉහළම ආචාර ධර්ම ප්‍රමීතින් ට ගරු කිරීම අප සියලු දෙනාගේ වගකීමකි.
එබැවින්, වාර්තාකරණයේදී ඇය සම්බන්ධයෙන් සිදු වූ සදාචාරාත්මක අඩුපාඩුකම් අනාගතයේදී අහිම්සා වික්‍රමතුංග මෙනවියට හෝ ඇයගේ පවුලේ සමීපතයන්ට ලක වීමට ඉඩ නොතබන ලෙසත්, ඝාතනයට ලක්වූ අපගේ සහෘද සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ති වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංගගෙන් ක්ෂණික හා කොන්දේසි විරහිතව සමාව අයදින ලෙසත්, මව්බිම සහ සිලෝන් ටුඩේහි අපගේ සහෝදර මාධ්‍යවේදීන් සහ කතුවරුන්ගෙන් අපි කාරුණික ව ඉල්ලා සිටිමු.

මණික් ද සිල්වා – ප්‍රධාන කර්තෘ – Sunday Island
ලක්ෂ්මන් ගුණසේකර -ප්‍රධාන කර්තෘ – Daily News
කේ. ඩබ්ලිව් ජනරංජන – කර්තෘ – අනිද්දා
චමින්ද වාරියගොඩ – කර්තෘ – සිළුමිණ
මන්දනා ඉස්මෛල් අබේවික්‍රම – ප්‍රධාන කර්තෘ – The Morning
රන්ජිත් සමරකෝන් – කර්තෘ – රැස
දරීශා බැස්ටියන්ස් – ප්‍රධාන කර්තෘ – Sunday Observer
ඉශ්වරන් රත්නම් – සම කර්තෘ – The Morning
දිල්රුක්ෂි හඳුන්නෙත්ති – නීතීඥ සහ ප්‍රවීණ මාධ්‍යවේදී
මෙරීඇන් ඩේවිඩ් – නියෝජ්‍ය කර්තෘ – Daily FT
නිර්මලා කන්නන්ගර – කර්තෘ ගවේෂණාත්මක ජනමාධ්‍යකරණය – Daily Mirror
රයීසා වික්‍රමතුංග – සහකාර කර්තෘ, HIMAL
ඩී බී එස් ජෙයරාජ් – තීරු ලිපි රචක / නිදහස් මාධ්‍යවේදී
සරත් ද අල්විස් – තීරු ලිපි රචක සහ මාධ්‍යවේදී
මලික් ගුණතිලක – ප්‍රධාන උප කර්තෘ
අශ්වින් හෙම්මාතගම – පාර්ලිමේන්තු වාර්තාකරු/ මාධ්‍යවේදී – Daily FT
ඉන්දි සමරජීව – බ්ලොග් අඩවි ලේඛක
මධුශංක බාලසුරිය – මාධ්‍යවේදී Daily FT
දකුණු ආසියාතික නිදහස් මාධ්‍ය සංසදය
ධනේෂි යටවර – නිදහස් මාධ්‍යවේදී
ධීපාන්ජලී අබේවර්දන – Ethics Eye

About freddy

Check Also

Tali-2020.10.31

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ආ ගිය ටෙලිනාට්‍ය සමීක්ෂකයින් නිරෝධායනයට!

පසුගිය දිනවල ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට බාහිරින් පැමිණි ටෙලිනාට්‍ය සමීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනකුට පමණ තම තමන්ගේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *