Home / Stories / මැතිවරණ නීති උල්ලංඝනයක්ද ? මාතරද ? කතාකරන්න 0413136901 !

මැතිවරණ නීති උල්ලංඝනයක්ද ? මාතරද ? කතාකරන්න 0413136901 !

මාතර-පැමිණිලි-780x4052019 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව මාතර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ ඒකකයට මේ වන විට මැතිවරණ පැමිණිලි (සුළු) 66 ක් වාර්තා වී ඇති බවත් ඊට අදාළව විමර්ශන කටයුතු සිදු කළ බවත් බරපතල සිදුවීම් වාර්තා නොවන අතර සමස්තයක් වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ සාමකාමී වාතාවරණයක් පවතින බවත් මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී / දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පවසයි.

නීති විරෝධී දැන්වීම්, කටවුට්, බැනර්, පෝස්ටර්, නීති විරෝධී ලෙස භාණ්ඩ බෙදාදීම්, නීති විරෝධී ආකාරයට සංවර්ධන කටයුතු දේශපාලන පක්ෂ හෝ පුද්ගලයින් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් යොදා ගැනීම ආදී මැතිවරණ නීති උල්ලංගනය කිරීම් රැසක් පිළිබඳව පැමිණිලි ලැබී තිබේ.

මාතර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානය දිනපතා පෙ.ව. 8.00 සිට රාත්‍රී 8.30 වන තෙක් විවෘතව තැබෙන අතර එම කාලය තුළ පැමිණිලි බාර ගැනීම හා පැමිණිලි විමර්ශන කටයුතු සිදු කෙරේ.

මාතර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානයට 0413136901 දුරකථන අංකය ඇමතීමෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකි ය.

මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ. වැල්ලහේවා මහතා යටතේ මාතර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ ඒකකය ක්‍රියාත්මක කෙරේ.
matarakimbula.com

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *