Home / Stories / නිල්වලා ගගේ ජල මට්ටම ඉහලට !මාතර ප්‍රදේශ රැසකට ජලයෙන් හානි !

නිල්වලා ගගේ ජල මට්ටම ඉහලට !මාතර ප්‍රදේශ රැසකට ජලයෙන් හානි !

මාතරදින කිහිපයක සිට  මාතර සහ අවට ප්‍රදේශවලට ඇදහැලෙන මහවැසි හේතුවෙන් ජනජිවිතයට බරපතල ගැටලු රැසක් එක්කර තිබේ.
මේ හේතුවෙන් මාතර මුලටියන මාර්ගය  ඇතැම් ස්ථාන මෙන්ම මාකඳුර ප්‍රදේශයද ජලයෙන් යටවි තිබිම නිසා මාතර ඌරුබෝකක මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ලව පවති.
මේ අතර පසුගිය 25 වෙනිදා රාත්‍රියේ මුලටියන හක්මණ  මාර්ගයේ ඕලාන ප්‍රදේශයේ ගමන් ගත් පොලිස් සැරයන් වරයෙකු  පාගමනින් යද්දි ජලපහරකට හසුවි අවාසනාවත්ත ලෙස මිය ගොස් තිබුණි.
එම ස්ථානයේදි තවත් අයෙකු සැඩපහරකට හසුව තිබුණද අසල වු පඳුරක් අල්ලාගෙන දිවි බේරාගැනිමට ඔහු වාසනාවන්ත විය.ඊයේ දිනය වන විට නිල්වලා ගගේ ජල මට්ටමද ඉහල යමින් තිබුණි.
මිරිස්ස ගන්දර දෙවිනුවර ප්‍රදේශවල ධිවරයන් මුහුදු යෑමෙන් වැලැකි සිට ඇති බවද වාර්ථාවේ.

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *