Home / Editor's Choice / කොරෝනා වලින් ආරක්ෂා වීමට යොදා ගන්නා නිෂ්පාදන 11ක් ප්‍රමිති ගතකිරිමට පියවර……

කොරෝනා වලින් ආරක්ෂා වීමට යොදා ගන්නා නිෂ්පාදන 11ක් ප්‍රමිති ගතකිරිමට පියවර……

මුඛ ආවරණ,අත් සෝදන දියර, අත් වැසුම් ආදී කොරෝනා වෛරසයයෙන් ආරක්ෂා වීම සඳහා යොදා ගන්නා නිෂ්පාදන 11ක ප්‍රමිතිය මේ වන විටත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සකස් කර ඇතැයි උසස් අධ්‍යාපන,තාක්ෂණ,නවෝත්පාදන ,තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඊයේ (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඉදිරියේදී මෙම නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳ පළට ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමිති සහතිකය අත්‍යාවශ්‍ය බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ වෙනුවෙන් ඇඳිරිනීති සමයේ ප්‍රමිති ආයතනයේ නිලධාරින් දිවා රාත්‍රී නොබලා වෙහෙසුණ බවද සඳහන් කළේය. මෙම නිෂ්පාදනයන්ගේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මෙම ප්‍රමිතිය සකස් කර තිබේ.

පසුගිය මාර්තු මාසයේ සිට විවිධ සීමා මධ්‍යයේ රාජ්‍ය සේවකයින් විශාල කැපකිරීම් සිදු කරමින් අඛණ්ඩව තම සේවය රටට ලබා දුන් අතර මේ අතුරින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට සිය ස්තුතිය හිමි වන බව අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය සඳහන් කළේ මෙම නිෂ්පාදන ජාත්‍යන්තරයට අලෙවි කිරීම සඳහා මෙය හොඳ අවස්ථාවක් බවත් නමුත් එය ප්‍රමිතියකට අනුව සිදු කළ යුතු බවයි. ප්‍රමිතිය භාවිතා කිරීමට මෙරට ජනතාව එතරම් නැඹුරු වී නොමැති බව පැවසූ ඇය නිෂ්පාදකයින් මෙම නිෂ්පාදන සිදු කිරීම ආරම්භයේදීම නියමිත ප්‍රමිතීන්ට අනුව එය සිදු කරන මෙන් ඉල්ලා සිටියාය.
news.lk

About freddy

Check Also

Tali-2020.10.31

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ආ ගිය ටෙලිනාට්‍ය සමීක්ෂකයින් නිරෝධායනයට!

පසුගිය දිනවල ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට බාහිරින් පැමිණි ටෙලිනාට්‍ය සමීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනකුට පමණ තම තමන්ගේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *