Home / News / ජඩ මාධ්‍යයට වැලිගමින් වාරණයක්..

ජඩ මාධ්‍යයට වැලිගමින් වාරණයක්..

FB_IMG_1589246892679“හිරු” හා ” දෙරණ” මාධ්‍ය නාලිකා දෙකට මින් මතු වැලිගම නගර සීමාව තුල ජීවත්වන කොවිඩ් 19 ආසාදිත යැයි සැකකෙරෙන රෝගීන්, ඔවුන්ගේ පවුලේ සාමජිකයන් හා ඔවුන්ට අයත් දේපල රූපගත කර විකාශනය කිරීම වැලිගම නගර සභාවේ නගරාධිපති, රෙහාන් ජයවික්‍රම මහතා විසින් තහනම් කර තිබේ.

ඉහත මාධ්‍ය නාලිකා දෙකෙහි නාලිකා ප්‍රධානීන්ට ලිපියක් යවමින් ඔහු චෝදනා කර සිටින්නේ, සිය බල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිත යැයි සැක කරනු ලැබූ පුද්ගලයකු ගේ පෞද්ගලිකත්වය ආක්‍රමණය කරමින් එම නාලිකා දෙක කටයුතු කර ඇති බවයි. එම පුද්ගලයාගේ නිවහනට අනවසරයෙන් ඇතුල් වී පවුලේ සාමාජිකයන් අපහසුතාවට පත් කිරීමෙන් මාධ්‍ය ආචාර ධර්ම කඩ කළ බවට ට ද ඔහු එම ලිපියෙන් ප්‍රකාශ කරයි.FB_IMG_1589246895312

පනවා ඇති තහනම නොතකා ඉහත නාලිකාවන් හී මාධ්‍යවේදීන් තවදුරටත් කටයුතු කරන්නේ නම් 1987(255), නගර සභා පනතින් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව ඔවුන්ට විරද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කරන නගරාධිපතිවරයා ඊට අමතරව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරිය බධා කිරීම යටතේ ඔවුන් මාර්ගයෙන්ද නඩු පැවරීමට කටයුතු කරන බව මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට අනතුරු අඟවා තිබේ.

ඔබ ආයතනයේ මාධ්‍යවේදීන් විසින් රට පුරා කොරෝනා සැක සහිත රෝගීන්ගේ අයිතීන් අමු අමුවේ උල්ලංඝණය කරමින් ඔවුන්ගේ පෞද්ගලික ස්ථාන වලට ඇතුලු වී, අනවසරයෙන් දර්ශන රූපගත කර විකාශනය පිළිකුලෙන් යුතුව බලා සිටීමට සිදු වුවද, වැලිගම නගර සභාවේ ප්‍රධානියා ලෙස වැලිගම නගර සීමාව තුළ මෙවැනි ක්‍රියාවක් සිදුවීමට ඉඩ නොතබන බව එම ලිපිය මගින් නගරාධිපතිවරයා විසින් තව දුරටත් දන්වා යවා තිබේ.

මාධ්‍ය මාෆියාවට බියෙන්, ඔවුන්ගේ ඕනෑම ජඩ ක්‍රියාවක් හමුවේ මුනිවත රකින ලංකාවේ සියළුම දේශපාලඥයන්ට ද ආදර්ශයක් වෙමින් කොරෝනා වසංගතය හමුවේ අසරණ වී සිටින සිය පුරවැසියන් මාධ්‍ය වසංගතයෙන් බේරාගැනීමට අභීත පියවරක් ගත් වැලිගම නගරාධිපතිවරයා සියළු දෙනාගේ ප්‍රසංසාවට ලක්වී තිබේ.

Thilan Jayasekara

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *