Home / Stories / මාලිම්බඩ යුවළක් නැකතට විවාහ වී ගමටම කෑම බෙදලා……..

මාලිම්බඩ යුවළක් නැකතට විවාහ වී ගමටම කෑම බෙදලා……..

කොරෝනා සමයේ ප්‍රවෘත්ති යනු සැබැවින්ම කණස්සල්ලකි. බලන ඇහෙන සියල්ලේ ඇති සැබැවින්ම අතිශය ඒකාකාරි බවකි. මේ නිසාම වෙනස් පුවත් ඇසගැටෙන්නේ නම් ඇහෙන්නේ නම් එය සහනයකි.එහෙත් අවාසනාවක මහත වන්නේ අපෙ රටේ සිටින අතිබහුතරයක් මාධ්‍යවේදින්ට ඒ වෙනස තේරුම් ගැනිමට ඇත්තේ ඉතාමත් අල්ප දැක්මකි.
මේ නිසාම එකිනෙකා පරයා හොයන්නේ  කොරෝනා ගොසිප්ය.අනෙකාගේ පුද්ගලිකත්නය බල්ලට දමා තමන්ගේ චැනලයේ පුවත් අංශයේ ලොක්කන් පිනවිම සිය මාධ්‍ය මෙහෙවර කර ගත් බහුතරයක් අතර වෙනසක් ඇති පුවතකට සැබැ ජිවයක් දුන් අයෙකු වෙයි.
ඔහු මාතර මාධ්‍යවේදියෝ සංවිධානය ගොඩනැගිමටද මුල්ව කටයුතු කළ ටි.කේ මහින්දය.

ඔහු විසින් දිණිමිණ පුවත් පතට යවා තිබුණ මේ අපුරු ප්‍රවෘත්තිය සැබැවින්ම අපට ගෙන එන්නේ කොරෝනා පුවත්වලින්ම විඩාවට පත්ව සිටින අයට සැනසිල්ලක් බදු හැගිමයක්ය.
පහත පළවන්නේ ඒ අපුරුත්වයයි.

 

කොරෝනා ව්‍යසනය හමුවේ ලොව නන්දෙසින් මෙන්ම අපේ රටේ ද අපූර්ව සිදුවීම් මේ දිනවල වාර්තා වෙයි. මෙයද මාලිම්බඩ ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනාවෙන් පැනවූ තහංචි හමුවේ ගිවිසගත් නැකතට අනුව තරුණ යුවළකගේ විවාහය වෙනස්ම විදිහකට සිදුවූ අපූරු පුවතකි. මෙසේ විවාහ දිවියට පිවිසියේ මාලිම්බඩ ප්‍රදේශයේ පදිංචි දර්ශන විජේනාරායන හා දික්වැල්ල, වලස්ගල පදිංචි පවනී රසාංගිය.

විවාහ සැමරුම තම ජීවිතයේ අමතක නොවන සංධිස්ථානයක් වුවද කොරෝනා හමුවේ එම සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීම අපහසු බව අවබෝධ කරගත් මොහුන් වෙනස්ම විදිහකින් රටටම ආදර්ශයක්ද ලබාදෙමින් එම අවස්ථාව සමරන ලදි.

අනවශ්‍ය වියදම් සියල්ලම නවතා දමමින් එම මුදලින් වියළි ආහාර පාර්සල් සාදා ඒවා ගමේ අසරණ පවුල් සිටිනා නිවෙස්වලටම ගොස් බෙදා දුන්නේ තම සහකාරියගේද සහාය ලබා ගනිමිනි. මේ මොහොතේ බොහෝ අසරණ තත්ත්වයට පත්වී සිටි පවුල්වල අයගේ මුහුණට සිනහවක් ගෙනදෙමින් එම ජනතාවගේ හදවතින්ම ලැබෙන ආශීර්වාදය ඔවුන් දෙදෙනාට ලැබිණි. සියල්ල සුබදායී ලෙස සිදුවූයේ ඔවුන්ට පමණක් නොව කොරෝනා ව්‍යසනය හමුවේ තවත් මතක සටහනක් ප්‍රදේශවාසීන්ටද ලබා දෙමිනි.

ටී. කේ. මහින්ද වැලිගම සමූහ ( දිණමිණ )

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *