Home / News / බලපත්‍ර නොමැතිව ඖෂධ විකුණූ අයට වැඩ වරදී

බලපත්‍ර නොමැතිව ඖෂධ විකුණූ අයට වැඩ වරදී

index

බලපත්‍ර නොමැතිව  ඖෂධ ගබඩා කළ සහ අලෙවි කළ අම්බලන්තොට නගරයේ  ඖෂධ අලෙවි සැලක් වටලා  විවිධ වර්ගයේ ඖෂධ 600 ට අධික ප්‍රමාණයක්  සමග  සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

එම ස්ථානය සම්බන්ධයෙන් අම්බලන්තොට විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දෙවන කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක ඒ. පියතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින්  ඊයේ (29) පස්වරුවේ  මෙම වැටලීම සිදුකර ඇත .

බලපත්‍ර නොමැතිව ඖෂධ ගබඩා කර තැබීම සහ ඖෂධ වර්ග අලෙවි කිරීම සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගත් පුද්ගලයා අම්බලන්තොට  ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57 හැවිරිදි  අයෙකි..

සැකකරු සහ ඔව් භාරයේ තිබී  අත්අඩංගුවට ගෙන ඖෂධ වර්ග  විමර්ශන කටයුතු සඳහා ආහාර හා ඖෂධ පරික්ෂක දිස්ත්‍රික් සෞඛ්‍ය සේව‍ා කාර්යාලය හම්බන්තොට ඩි.එස්.පි. ගුණසේකර යන අය වෙත භාර දී ඇත.

(ලංකාදීප)

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *