එළඹෙන මහ කන්නයට අවශ්‍ය පොහොර ඉල්ලා අම්බලන්තොට දෙහිගහලන්ද කාවන්තිස්ස ගොවි සංවිධානයේ ගොවීහු ද අද (15) විරෝධතාවයක නිරත වූහ. ඉන්පසු මෙම පිරිස කරිවිලේ යාය ප්‍රදේශයෙන්  අම්බලන්තොට – හම්බන්තොට ‍ප්‍රධාන මාර්ගයේ දෙහිගහලන්ද ප්‍රදේශයට පැමිණද සිය  විරෝධතාවය දැක්වීය.