සුදුහදුන්,වල්ලාපට්ටා ශාක කොටස් හා සිදින ලද වල්ලාපට්ටා තෙල් ඇතුලු උපකරණ සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය හැකිව තිබේ. මෙසේ මෙම අත්අඩංගුවට ගැනිම සිදුව ඇත්තේ කිරින්ද කඹුරුපිටිය ප්‍රදේශයේදීය.

විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමේදී නිවසක පිටුපස කොටසේ පවත්වාගෙන ගිය මෙම තෙල්සිදීමේ ස්ථානය වැටලීමට හැකිව ඇති අතර එහි තිබී වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් තුන්සිය හතලිස් එකක් සහ සුදු හදුන් කිලෝ ග්‍රෑම් තුන් සියයක් හා වල්ලපට්ට තෙල් මිලි ලිටර් එකසිය හැත්තෑ පහක් සහ තෙල් සිදිමට යොදාගන්නා උපකරණයක් ඇතුළු භාන්ඩ රැසක්ද පොලිස් බාරයට ගෙන ඇත.සැකකරු කිරින්ද ප්‍රදේශයේ පදිංචි පනස් පස් හැවිරිදි සැකකරු සහ සුදු හදුන් හා වල්ලපට්ටා තොගය හා ඇතුළු උපකරන හා තෙල්වැඩිදුර විමර්ශන සදහා අඩවි වන දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයට භාරදුන් බව විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පවසයි.