Home / Stories / ශාරීරික දුබලතා පරදවා සා/පෙළින් ඒ-නවයක් ගත් දිරිය දියණිය

ශාරීරික දුබලතා පරදවා සා/පෙළින් ඒ-නවයක් ගත් දිරිය දියණිය

 

01_FGFG

 

242742672_10209674726501709_7698473104230294326_nදෑත් වාරු ඇති හා ශක්තිමත් කයකට උරුමකම් කියන්නන් සමාජයට බරක් වෙද්දී බොහෝ ශාරීරික දුබලතා ඇති අය මනසින් ශක්තිමත්ව තම පවුලට, උපන් ගමට, රටට අභිමානක් ගෙන දුන් අවස්ථා ගැන අප අසා ඇත. ඒ කතා අතරට මෙවර අ. පො. ස. (සා.පෙළ) විභාග ප්‍රතිඵල නිකුත්වීමත් සමඟ තවත් නමක් අලුතින් එක්ව ඇත්තේ සිසු පරපුරට හිතන්න යමක් එක් කරමිනි.

දෙව්මි රන්සරා කුලතුංග රාජපක්ෂ දියණිය ගතින් දුබලව සිටිය ද සිතින් ශක්තිමත්ව ලොවක් මවිත කරමින් රටම කතා කරන චරිතයක් බවට පත්ව ඇත්තේ මෙවර අ. පො. ස. (සා.පෙළ) විභාගයෙන් ඇය පෙනී සිටි සියලු විෂයයන්ට A සාමර්ථ්‍ය ගනිමින් විශිෂ්ට දක්ෂතාවක් පෙන්නුම් කරමිනි. 2004 ජූලි මස 02 වැනි දින මාතර මහ රෝහලේදී දෙව්මි මෙලොව එළිය දකින්නේ මහින්ද කුලතුංග රාජපක්ෂ හා කුසුමිණි අබේගුණවර්ධන යුවළගේ කුලුුඳුල් දියණිය ලෙසිනි. තම කැදැල්ලට දියණියක් ලැබීම මව්පියන්ට රටක් රාජ්‍යයක් පහළ වූවා සේ විය. එහෙත් තම කුලුඳුල් දියණිය උපතින්ම සුෂුම්නාව ආශ්‍රිත ස්නායු ආබාධයක් සහිත තැනැත්තියක බව වෛද්‍යවරුන් පවසද්දී මහින්දගේ හා කුසුමිණිගේ සිත් ගිනිගෙන දැවී ගියේ දෑස් කඳුළින් තෙමා දමමිනි.

243257444_10209674726141700_3742212438889686232_n242280140_10209674727221727_6637173187588640616_n

රෝගාබාධයක් සහිතව තම කැදැල්ලට එක් වූ පළමු දියණියට කිසිදු අඩුපාඩුවක් ඇති නොකර තම උපරිම ශක්ති ප්‍රමාණයෙන් රැක බලාගන්න මව්පියන් වෙහෙස වුණේ මව්පියන්ට දරු සෙනෙහස තරම් වටිනා අන් දෙයක් ලොව නොමැති නිසාය.

වන සත්ත්ව ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරියකු වු දෙව්මිගේ පියාත් ගුරුතුමියක වූ මවත් වසරේ වැඩි කාලයක් ගත කළේ දෙව්මි සමඟය. රට පුරා ඇති රෝහල් කරා දෙව්මි රැගෙන යමින් මෙරට සිටින ඉහළම පෙළේ වෛද්‍යවරුන්ට පෙන්වමින් දෙව්මිගේ රෝගී තත්ත්වය සුව කර ගන්න මව්පියෝ සියලු උත්සාහයන් දැරූහ.

අකුරු කරන වයසට පත්වුව ද දෙව්මිගේ ශරීරික වර්ධනය, ක්‍රියාකාරීත්වය සාමාන්‍ය දරුවකුගේ තත්ත්වයට පත් නොවූ අතර, දෙවිමිගේ සියලු කටයුතු සිදු කළේ මව්පියන් විසිනි. ඒ අතර අකුරු කරන වයසට පත් වූ දෙව්මිට පාසල් යෑමේ දැඩි ආශාවක් ඇති වූයෙන් ඇය ඇතුළත් කළේ රත්මලේ සද්ධර්මරාජ මහා විද්‍යාලයටයි. එහි විදුහල්පති ආරියසේන මහතා ඇතුළු ගුරුභවතුන් දෙව්මිගේ දෙවැනි මව්පියෝ වූහ. ඇයට ආදරය නොඅඩුව හිමිවෙද්දී දෙව්මි තම හිතේ හයිය උපරිමයෙන් ප්‍රකට කරන්නට පටන් ගත්තාය. එහි උපරිමය වූයේ 2014 ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 177 ගනිමින් දෙව්මි උසස් ලෙස විභාගය සමත්වීමය.

පාසලට ඇතුළු වූ දෙව්මි පාසල් ගියෙත් නැවත පැමිණියෙත්, විශේෂ වැඩසටහන් හා ක්‍රියාකාරකම් සඳහා පන්ති කමරයෙන් කාමරයට ගියෙත් මව්පිය කර මතිනි. තම සම වයස් කණ්ඩායම දුව පැන ඇවිදිද්දී, ක්‍රීඩා කරදද්දී ඔවුන් ඉදිරියේ තමට මව්පිය කර මතින් යෑමට සිදුවීම ගැන දෙවිමි තම සිත පීඩාකාරී කර ගත්තේ නැත. ඇය නොවරදවා පාසල් පැමිණීමත් පාසලේ අධ්‍යාපන කටයුතු කිරීමත් නොපිරිහෙළා ඉටු කළාය. ඒ ඇය තුළ වූ හිතේ හයියෙනි.

තනිව ඇවිද යන්නට, නිසි ලෙස පුටුවක වාඩිවන්නට හෝ අකුරු ලියන්නට පෑන නිසි ලෙස අතට ගන්නටවත්, අතට දුන් පෑනේ පියන ගලවා ලියන්නට හැකි ලෙස සකසා ගන්නටවත් හැකියාවක් නොවූ දෙව්මි තම මව්පියන්ගේ සහෝදරියන් දෙදෙනාගේ, ගුරු මව්පියන්ගේ මෙන්ම පාසලේ සහෝදර සහෝදරියන්ගේ උදව්වෙන් හා තම සිතේ වූ නොබිඳුණු සවියෙන් පන්තියෙන් පන්තියට උසස් වෙමින් පැමිණ පසුගිය වසරේ අ. පො. ස. (සා.පෙළ) විභාගියට පෙනී සිටියේ තමා වෙනුවෙන් මහා මෙහෙයක් ඉටු කරන මව්පියන්ට මෙන්ම තම පාසල් මාතාවටත් ගෞරවයක් අත්කරදීමේ අරමුණෙනි.

දෙවිමිගේ සවිමත් සිතේ පුමුඛ ප්‍රතිඵලය පසුගියදා ලැබුණේ තම මව්පියන්, ගුරුභවතුන් මෙන්ම ඒ ගැන අසන්නන් ද මවිතයට පත් කරවමිනි. ඒ ඇය අ.පො.ස.(සා.පෙළ) විභාගයට පෙනී සිටි විෂයයන් නවයටම A සාමර්ථ්‍ය ගනිමිනි.

රත්මලේ කටුකුරුඳුගහ හේනේ පදිංචි දෙවේමිගේ සහෝදරයන් වන දිනුක රාජපක්ෂ සහ සිතුක රාජපක්ෂ පුතුන් දෙදෙනා ද ශිෂ්‍යත්ව සමත්වූවන් වන අතර, දිනුක මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අට ශ්‍රේණියේත්, සිතුක රත්මලේ සද්ධර්මරාජ විද්‍යාලයේ හය ශ්‍රේණියෙත් ඉගෙනුම ලබමින් සිටිති.

දෙව්මිගේ ජයග්‍රහණය සැල වූ සැණින් ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ඇයගේ නිවෙසට පෙරේදා (25) රාත්‍රියේ ගොස් දෙව්මිට සිය සුබ පැතුම් එක් කොට අවශ්‍යතා පිළිබඳව ද සොයා බලා ඇත.
dinamina.lk
(ඡායා- ජයරුක් මාධ්‍යවේදි සගයාගේ ෆේස් බුක් පිටුවෙනි )

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *