Home / News / ලක්ෂ හයාමාරේ කනේ පාර …

ලක්ෂ හයාමාරේ කනේ පාර …

Court-1දරුවෙකුට කනට ගසා සිදුකරන ලදැයි කියන හානිය වෙනුවෙන් ගුරුවරයෙකුට රු 150,000 ක් වන්දියක් ගෙවන්නට සිදුව පුවතක් අද වාර්තා වි තිබුණි.
ඒ මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා හටය.

ඔහු විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට අද (12) තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, සිදුවූ හානිය වෙනුවෙන් එම ගුරුවරයාගේ පෞද්ගලික මුදලින් රුපියල් 150,000 ක් තුවාල ලැබූ සිසුවාට  ගෙවන ලෙසත්, තවත් රුපියල් ලක්ෂ 5ක මුදලක් සිසුවාට වන්දි වශයෙන් ගෙවන ලෙසත් රජයට නියෝගය කර තිබුණ බව ada.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබුණි

අදාළ වන්දි මුදල්, නියෝග ලබා දුන් අද (12) දින සිට මාස 6ක් ඇතුළත ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ එම සිසුවා වෙනුවෙන් ඔහුගේ දෙමව්පියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමෙන් පසුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

සිසිර ද ආබෲ සහ මුර්දු ප්‍රනාන්දු මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු  එස්.තුරේරාජා මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

විනය හෝ කිසිදු හේතුවක් මත දරුවකු හිංසාවට  පත් කළ යුතු  නැතැයි  යන්න  අවධාරණය කරමින් මෙම  වන්දි මුදල්  නියම කර ඇති  ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පහර දීම  මගින්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11වැනි වගන්තිය  මගින්  සහතික කර කෲර වධ හිංසාවලට  ලක් නොවී සිටීමට ඇති   මූලික අයිතිවාසිකම උල්ලංඝණය වී ඇතැයි තීරණය කර තිබෙන බව ada.lk  වේබ අඩවිය විසින් පළකළ පුවතේ වැඩිදුරටත් සදහන්ය.
පෙත්සම්කාර සිසුවා වෙනුවෙන් නීතීඥ තීශ්‍ය වේරගොඩ මහතා පෙනී සිටියේය.

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *