Home / News / පෑලියගොඩ පොකුර නිසා ගාල්ලේ සහ මිගමුවේ එකම පවුලේ 5 දෙනෙකුට කොරෝනා !

පෑලියගොඩ පොකුර නිසා ගාල්ලේ සහ මිගමුවේ එකම පවුලේ 5 දෙනෙකුට කොරෝනා !

1603348521-Fish_Lගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි එකම පවුලේ 05දෙනකුට කාරෝනා ආසාදනය වී ඇතැයි අද(07) සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.

මීට පෙර ආසාදිත බව හඳුනාගත්  පුද්ගලයෙකුගේ බිරිඳ සහ දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් 05 දෙනාට ම මෙලෙස කොරෝනා ආසාදනය වී තිබේ. මුලින් රෝගී බවට පත්වූ පුද්ගලයා මසුන් ප්‍රවාහනය කරන ලොරියක රියදුරෙකු ලෙස කටයුතු කරන අයෙකි. ඔහු රෝහල් ගතකිරීමෙන් දින කිහිපයකට පසු, නිරෝධායනයේ පසුවූ දරුවකු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් පවුලේ සියලුදෙනාම පීසීආර් පරීක්ෂණ සිදුකිරීමෙන් පසුව ඔවුන් ආසාදිත බවට හඳුනා ගෙන තිබේ. ඔවුන් ගාල්ලේ මකුළුව පදිංචි කරුවන්ය.

මොවුන් රෝහල්ගතකිරීමට කටයුතු කළ බව ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මේ අතර පෑලියගොඩ මාළු වෙළඳ සැල හා සම්බන්ධව ව්‍යාපාරික කටයුතු කරමින් සිටි මිගමුව දුන්ගාල්පිටියේ අයෙකු මුලින් ආසාදිතයෙකු ලෙසින් හදුනාගෙන තිබුන අතර ඊයේ සවස ලැබුන PCR පරික්ෂණ වාර්තා අනුව එම පවුලේ මව සහ දරුවන් තිදෙනාටද වෛරසය අසාදිතව ඇතැයි හෙළිව තිබේ

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *