Home / News / කොරෝනා නිසා අධිකරණ කටයුතු වලටත් බාධා !මාතර නීතිඥයන් ඔක් 28 සිට රාජකාරි කටයුතු වලින් ඉවත් වෙයි.?

කොරෝනා නිසා අධිකරණ කටයුතු වලටත් බාධා !මාතර නීතිඥයන් ඔක් 28 සිට රාජකාරි කටයුතු වලින් ඉවත් වෙයි.?

justiceරට තුල උද්ගතව ඇති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් අනිද්දා (28) සිට ලබන මස 06 වැනිදා තෙක් වෘත්තීය කටයුතු වලින් ඉවත් වීමට මාතර නීතිඥ සංගමය තීරණය කල බව එම තීරණය ක්රියාත්මක කිරීමට පත් කල කමිටුවේ සාමාජික නීතිඥ රංගජීව ගමගේ මහතා පැවසු බව මාතර හොට් නිව්ස් පිටුවේ වාර්ථා කොට තිබේ
ඒ අනුව මාතර මහේස්ත්රාත් උසාවිය,අතිරේක මහේස්ත්රාත් උසාවිය,දිසා අධිකරණ,මහාධිකරණය,සිවිල් අභියාචනාධිකරණය,කම්කරු විනිශ්චය සභාව ආදී සියලු අධිකරණ කටයුතු වලින් ඉවත් වීමට තම සාමාජිකයින් තීරණය කල බවද ඔහු කීය.
අද  (27) තම තීරණය අධිකරණ විනිසුරුවරුන්ට දැනුම් දෙන බවද නීතිඥ රංගජීව මහතා වැඩිදුරටත් සදහන් කර තිබුණි.
මේ අතර රටපුරා අධිකරණ කලාපය ගණනාවකට කොරෝනා දෙවන රැල්ල බලපැම් කරමින් ඇති බව වාර්ථාවේශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය අතුළු කොළඹ අධිකරණ කලාපයේ ඇති සියලුම අධිකරණ වල කටයුතු ඇඳිරි නීතීය ඉවත් කරන තුරු අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි ලංකාදිප වෙබ් අඩවියද පුවතක් වාර්ථා කොට තිබුණි.එහි වැඩිදුරටත් මෙසේද සඳහන් විය

‘කොවිඩ්-19’ හෙවත් ‘කොරෝනා’ වයිරසය පැතිරීමේ අවධානම් තත්වයක් හේතූවෙන් කෙසෙල්වත්ත පොලිස් බල ප්‍රදේශයට ඇඳිරී නීතීය පැනවීම සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.

මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට අමතරව වාණිජ මහාධිකරණ, සිවිල් අභියාචන මහාධිකරණය, පළාත් බද මහාධිකරණ, දිසා අධිකරණ සහ මහෙස්ත්‍රාත් අධිකරණ වල කටයුතු ඇඳිරි නීතීය ඉවත් කරන තුරු අත්හිටුවීමට පියවර ගෙන ඇත.

මේ අතර අතිශය හදිසි නඩු කටයුතක් සඳහා පමණක් එම නඩුව කැඳවන්නැයි නීතීඥවරුන් විසින් ඉදිරිපත් කරන කරුණු පිළිබඳ සළකා බැලීමට අධිකරණ නිලධාරීන් තීරණය කොට ඇත.

අදාළ නඩුවේ හදිසි තත්වය පිළිබඳ නීතීඥවරුන් විසින් අධිකරණ ලේඛාධිකාරීවරුන්ට දැනුම් දුන් පසු ඒ බව විනිසුරුවරුන්ට දැනුම් දී විනිසුරුවරුන්ගේ උපදෙස් මත කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අදාළ අධිකරණයන්හි දැන්වීම් ප්‍රදර්ශනය කොට ඇත.

ඇඳිරි නීතී තත්වය ඉවත් කරන තුරුම මේ තත්වය බලපැවැත්වෙන අතර මෙම දිනවලට නියමිත නඩු යළි කැඳවන දිනයන් අධිකරණ දැන්වීම් පුවරු වල දැන්වීම් පළකොට දැනුම් දීමට පියවර ගන්නා බවද වාර්තා වේ.

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *