Home / Stories / “බය නැතිව මාලු කන්න”රාජ්‍ය ඇමති කංචන කියයි.

“බය නැතිව මාලු කන්න”රාජ්‍ය ඇමති කංචන කියයි.

z_p04-Professionals-01මාලු පරිභෝජනය තුලින් කොරෝනා වෛරසය ආසාදනය වීමක් කිසිදු ආකාරයකට සිදු නොවන බව ධීවර වරාය සංවර්ධන හා මත්ස්ය අපනයන කටයුතු පිළිබඳ රාජ්ය අමාත්ය කංචන විජේසේකර මහතා පැවසීය.
මාතර දිස්ත්රික්කයේ කොරෝනා වෛරසය පාලනය කිරීම සදහා වු පැවති විශේෂ රැස්වීමක දී ඔහු ඒ බව කීය.
විදුලි බල අමාත්ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (25) සවස මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී එම රැස්වීම පැවැත්විණි.
පසුගියදා මත්ස්ය පරිභෝජනය තුලින් කොරෝනා වෛරසය වැලදෙන බවට කට කතාවක් ප්රචාරය වු බවද කොරෝනා රෝගීයෙකු වාර්තා වු විගස මාලු අලෙවි සැල් වසා දැමීම ඊට හේතු වු බවද විජේසේකර මහතා කීය.
ඒ අනුව සෞඛ්ය අමාත්යතුමියගේ උපදෙස් මත විශේෂඥ වෛද්ය කණ්ඩායමක් පත් කර ඒ ගැන විද්වත් මතය විමසූ විට ඒ ආකාරයට මත්ස්ය පරිභෝජනයෙන් වෛරසය ආසාදනය නොවන බව තහවුරු කර ගත් බවද ඔහු සදහන් කලේය.
වරායන් තුල සිල්ලර වෙලදාම තහනම් කලේ විශාල පිරිසක් එක තැනකට ඒකරාශී වීම වලක්වා ගැනීමට බවද විජේසේකර මහතා කීවේය.
පලතුරක් හෝ එලවලුවක් වුවද හොදින් සෝදා පිස ගන්නා නිසා මාලු ද හොදින් සෝදා පිස ආහාරයට එක් කර ගන්නා ලෙස ධීවර රාජ්ය අමාත්ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට මාතර දිස්ත්රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී නිපුණ රණවක,දකුණු පලාත භාර ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති රොහාන් ජේ.සිල්වා, නියෝජ්ය පොලිස්පති ජගත් පලිහක්කාර,මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත්,පොලිස් අධිකාරී සුසිල් විජේගුණවර්ධන යන මහත්වරු ඇතුළු රාජ්ය ආයතන ප්රධානීන් පිරිසක් සහභාගී වූහ.
(Matara Hot News )

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *