Home / News / කාන්දකාඩු වල සේවය කරන මාතර තවත් තිදෙනෙකුට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වෙයි.

කාන්දකාඩු වල සේවය කරන මාතර තවත් තිදෙනෙකුට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වෙයි.

https___cdn.cnn_.com_cnnnext_dam_assets_200108214800-coronavirus-1

කන්දකාඩු පුනුරැත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරනු ලබන තවත් හමුදා සෙබලුන් තිදෙනෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඒම සෙබලුන් දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ වලස්ගල වත්ත හා උරුගමුව යන ප්‍රදේශ වල සහා අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ බලපාත යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

දික්වැල්ල වලස්ගල වත්ත ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබලා ගිය මස 15 වන දින නිවාඩු ලබා සිය නිවස වෙත පැමිණ නැවතත් 24 වන දිනත් උරුගමුව ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබලා මැයි මස 19 වන දින නිවාඩු ලබා සිය නිවස වෙත පැමිණ 30 වන දිනත් අකුරැස්ස බලපාත ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබලා මැයි මස නිවාඩු ලබා නිවසට පැමිණ යළි කණ්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය සදහා පිටත්ව ගොස් ඇති අතර ඒම මධ්‍යස්ථානය තුලදි මේ මස 10 වන දින සිදු කරනු ලැබු පිසිආර් පරික්ෂාවේදි කෝවිඩ් -19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරැ වි ඇත.

ඒ අනුව මෙම හමුදා සෙබලුන්ගේ පවුල් වල උදවිය සහා ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වු පුද්ගලයින් හදුනාගෙන මේ වන විට ඔවුන් නිරෝධායන කටයුතු සදහා යොමු කොට ඇති හෙයින් මාතර දිස්ත්‍රික්කයේ ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බවත් සෞඛ්‍ය අංශ ලබා දි ඇති උපදෙස් අනුගමනය කිරිම අනිවාර්යෙන් සිදු කල යුතු බවත් ‍‍සෞඛ්‍ය අංශ පවසයි.
News Alert
2020.07.13 -4.30PM
රසුන් දහනායක

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *