කුකුළු මස් වල මිළ ගණන් තැනින් තැන එක ගණන්වලටය.පාරිහෝගික අධිකාරිය විසින් පසුගියදා පාලන මිළක් නියම කර සිටියද ඒවා ක්‍රියාත්මක වන බවක් නොපෙනේ.
මේ පසුබිම යටතේ මේ වන විට කුකුළු මස් අලෙවිකරුවන්ට හට මෙය දැඩි ලෙසින්ම බලපා ඇති බැව් පෙනි යන්නේ පසුගිය දිනක ගාල්ල නගරයේ පැහැති උද්ඝෝෂණයක් පසුබිම් කොට ගෙනය.
කුකුළු මස් සදහා සාධාරණ පාලන මිලක් ඉල්ලා ගාල්ල නගරයේ කුකුල් මස් අලෙවිසැල් හිමිකරුවෝ සහ එහි සේවකයෝ  පසුගිය (22)  දා උදෑසන විරෝධතාවක නිරතව සිටියහ.

ඔවුන් ඉල්ලා සිටින්නේ ඔවුන්ට ලැබෙන කුකුල් මස් වල මිල සාධාරණ මිලකට අඩු කර දෙනවා නම් ඔවුන්ටද  පාලන මිලට අනුව පාරිභෝගිකයින්ට කුකුල් මස් අලෙවි කළ හැකි බවයි.

ඔවුහු කළු කොඩි දමමින්, විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරතව තිබුණි.

මේ අවස්ථාවේ එම ස්ථානයට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මේ සඳහා හෙට දිනයේ සාධාරණ විසදුමක් ලබාදෙන බවට ඔවුන්ට පොරොන්දු වුවද  මන්ත්‍රිවරයා ගිය පසුවද මෙම විරෝධතාවය පැවති අතර මේ සඳහා මේ නිසා සරේන්තුකඩේ මංසන්ධිය සහ තනිපොල්ගහ මංසන්ධියේ රථ වාහන ධාවනය තරමක් දුරට අවහිර වී තිබුණි.

ගිංතොට සිට වැලිගම දක්වා සියලුම කුකුල් මස් අලෙවි සැල් සිය ව්‍යාපාර කටයුතු නවත්වා අලෙවි සැල් වසා දමා මෙම විරෝධතාවයට සහයෝගය දක්වන බවත් එහ හිමිකරුවෝ පවසා සිටින බව ලංකාදිප වාර්ථා කොට තිබේ.