Home / Stories / මාතර හක්මණ අධ්‍යාපන කලාපේ,ගුරු දුවෙක්ව හොයාගෙන යන අසරණ අම්මෙක් …..

මාතර හක්මණ අධ්‍යාපන කලාපේ,ගුරු දුවෙක්ව හොයාගෙන යන අසරණ අම්මෙක් …..

104720650_3531725453525573_2420591692632456049_nපුතේ මං හිටියේ ⁣ඒකළ කොටුගොඩ මඩුවක් වගේ තැනක..එතන ගිණි ගත්තා..මගේ ජීවිතේ බුදු සරණින් බේරුණා, මට ඉන්න තැනක් නැ. කොටුගොඩ හිටිය පුතාලා දෙන්න මාව දාලා ගියා..එක පුතෙක් දහම් පාසලක උගන්නනවා, අනිත් පුතා කොම්පැණි එකක වැඩ. මං බඩ ගින්නේ හිටියා දවස් ගාණක් , අද උදේ බනිස් ගෙඩියක් හම්බ වුනා, ඒකෙන් කෑල්ලක් බුද්ධ පුජාව තියන කොට මගේ හිත කිව්වා මාතර ඉන්න මගේ දුව හොයා ගෙන යන්න කියලා..මම මේ යනවා පුතේ..පෙර කළ කරුම තමයි පුතේ.. ඒත් අන්තිම කාලේ මගේ දුව ළග මැරෙන්න ආසයි..
මගේ දුව ගුරුවරියක්, මාතර හක්මණ අධ්‍යාපන කලාපේ, මං කලාපෙට හොයා ගෙන යනවා..මං ආයෙත් එන් නැ පුතේ..වැඩිහිටි නිවාසෙකත් හිටියා මට ගහලා ඔළුව බිත්තියේ හැප්පුවා ගොඩක් දුක් දුන්නා, කොහොම හරි දුව හොයා ගන්න ඕන..පුතේ දුවගේ නම කේ.ඩබ්ලිව් කාන්ති පුෂ්පා..මම ආර්.විදාණපතිරණ..මහත්තයා අවුරුදු 20ක් වෙනවා නැතිවෙලා..අපේ මහ ගෙවල් කිරින්දේ පුහුල්වැල්ල, මම කොච්චර පවක් කරලා ඇද්ද..මම දරුවෝ හොයා ගෙන ඇවිද්දා ඉවරයක් නෑ , පුතේ ළමයින් උගත් උනාට බුද්ධිමත් නැ..මොනවා කරන්න ද..(මේ අම්මා දැන් කොළඹ ඉදන් මාතර එන ගමන්,පොලීසියට දැනුම් දීලා අම්මව බස් එකට දැම්මා..පුළුවන් නම් මේ අම්මට තමන්ගේ දුව හොයා ගන්න උදව්වක් විදිහට මේක හුවමාරු කර ගමු)
(උපුටා ගැනිම මංජුල සූරියගේ ෆේස්බුක් පිටුවෙනි )

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *