Home / Articles / කොරෝනා අසාදිත නැති වයෝවෘද්ධ මවගේ දේහයත් මුද්‍රා තබා අදාහනය කරන ලෙස මරණ පරික්ෂක නියෝග දීලා ?

කොරෝනා අසාදිත නැති වයෝවෘද්ධ මවගේ දේහයත් මුද්‍රා තබා අදාහනය කරන ලෙස මරණ පරික්ෂක නියෝග දීලා ?

cremation 1( 11.30 am ) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගිය සිව්දරු මවකගේ ආදාහන කටයුතු දේහයට මුද්‍රා තබා ජාත්‍යයන්තර නිරෝධායන නිතිමාලාවට අනුකුලව පසුගිය 23 වනදා  පස්වරුවේ දි අක්මිමන කුරුදුවත්ත ආදාහනාගාරයේ දි සිදුකළ බව ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න මහතා පවසා සිටි බව ලංකාදිප වෙබ් අඩවිය විසින් වාර්තා කොට තිබුනි.

හැත්තැනම හැවිරිදිවියේ පසුවන මෙකි මව උණ හා සෙම වැනි රෝග ලක්ෂණ හේතුවෙන් පසුගිය 22 වනදා  පස්වරුවේ දි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කරණු ලැබ තිබුණ අතර ඇය දිගුකාලිනව දියවැඩියා රෝගයෙන් පෙලෙන තැනැත්තියක් බවද හදිසි මරණ පරික්ෂකවරයා සදහන් කර තිබේ.

මෙකි මව පසුගිය  (23) අළුයම මිය ගොස් ඇත. උණ හා සෙම වැනි රොග ලක්ෂණ තිබු නිසා ඇයගේ සෙම් හා කර පටල ලබාගෙන කොරෝනා පරික්ෂණයක් ද සිදුකළ අතර එහිදි ඇයට කොරෝනා ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බවද හදිසි මරණ පරික්ෂකවරයා සදහන් කළ බව තවදුරටත් ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කර සිටියේය..මියගිය තැනැත්තියගේ හදිසි මරණ පරික්ෂණය අද (23) කරාපිටිය ශික්ෂණ රෝහලේ දි හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න මහතා විසින් සිදුකර තිබුණ අතර පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු.සි.පි පෙරේරා මහතා විසින් කරනු ලැබිය.
කෙසේ වෙතත් කොරෝනා ආසාදිත නැති බවට වෛද්‍ය පරික්ෂණ වාර්තා විසින් තහවුරු කර තිබියදි පවා හදිසි මරණ පරික්ෂකවරයා පොලිසියට නියෝග දි තිබුුනේ මෙකි මවගේ දේහයට මුද්‍රා තබා ජාත්‍යයන්තර නිරෝධායන නිතිමාලාවට අනුකුලව අවසන් කටයුතු කරන ලෙසය.
මේ ආකාරයෙන්ම පසුගිය දිනක හලාවත රෝහලේදි මිය ගිය වයස්ගත මවගේ දේහය මුද්‍රා තබා අදාහනය කරන ලෙසට එහි හදිසි මරණ පරික්ෂකවරයා නියෝග දි තිබුණි.
එහෙත් හදිසි මරණ පරික්ෂකලාගේ  මේ ආකාර තින්දු අභියෝගයකට ලක්කිරිමේ අවශ්‍යතාවයක් දැන් මතුවෙමින් තිබේ.
(ඡායාරූපය අන්තර්ජාලයෙනි )
මුලාශ්‍රය – ලංකාදිප

 

About freddy

Check Also

image_7655e8db3f

විදුලි සැර වැදුන තරුණයෙක් ජීවිතක්ෂයට

සිය ලොරි රථයේ ගමන් කරමින් සිටියදී විදුලිසැර වැදීමෙන් ගල්පොත්තයායේ පදිංචිව සිටි 33 වැනි වියේ පසු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *