Home / Stories / මාතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ට ද්‍රව්‍යාධාර බෙදා දීමේ තෙවැනි අදියරත් ඇරඹෙයි….

මාතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ට ද්‍රව්‍යාධාර බෙදා දීමේ තෙවැනි අදියරත් ඇරඹෙයි….

matara 1

කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ අපේම ආදරණීය මාධ්‍යවේදීන්ට ද්‍රව්‍යාධාර බෙදා දීමේ තෙවැනි අදියර ද අද (24) නිල වශයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ආරම්භ විය.

විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හා මාතර මහ දිසාපති ප්‍රදීප් රත්නායක යන මහත්වරුන්ගේ ඉල්ලීම පරිදි ඒ සදහා අනුග්‍රහය ලබා දී තිබුණේ මාතර ඕසෝන් සිටි කැම්පස් ආයතනයේ කලමණාකාර අධ්‍යක්ෂක තාරක ජයනාත් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයයි.matara 2

( 2.05 pm ) ඔවුන් විසින් අදාල ද්‍රව්‍යාධාර තොගය නිල වශයෙන් මාතර මහ දිසාපති ප්‍රදීප් රත්නායක මහතා වෙත භාර දීමෙන් අනතුරුව මාතර මහ දිසාපතිවරයා විසින් ඒවා මාතර මාධ්‍යවේදීයෝ සංවිධානයේ සභාපතිවරයා වන මා වෙත ද අප සංවිධානයේ උපදේශක එඩ්මන්ඩ් ලියනගේ මහතා වෙත ද සංකේතාත්මකව භාර දෙන ලදි.

මාතර දිස්ත්‍රික්කයේ සියලු මාධ්‍යවේදීන්ට ලබන සදුදා සිට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රවෘත්ති නිලධාරී තුෂාර ඉන්දික මහතාගෙන් මෙම පාර්සල් ලබා ගත හැකිය.

ඕසෝන් සිටි කැම්පස් ආයතනයේ කලමණාකාර අධ්‍යක්ෂක තාරක ජයනාත් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත් ඒ සදහා මගපෙන් වු අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, මාතර මහ දිසාපති ප්‍රදීප් රත්නායක හා අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් උදය හිත්තැටියගේ යන මහත්වරුන්ටත් මාතර මාධ්‍යවේදීයෝ සංවිධානයේ විශේෂ ස්තූතිය පුද කර සිටිමු.
(ක්‍රිෂාන් ජයරුක්ගේ මුහුණු පොතෙනි )

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *