Home / News / අරක්කු ඇදපු අධි සුඛෝපභෝගි මෝටර් රථයක් පොලීසියට මාට්ටු ?

අරක්කු ඇදපු අධි සුඛෝපභෝගි මෝටර් රථයක් පොලීසියට මාට්ටු ?

arrack 3arrrack 4( 10.30 am ) මාතර කද්දුව ප්‍රදේශයේදි මාර්ගයේ ගමන් කරමින් තිබු අධිසුඛෝපභෝගි මෝටර් රථයක් පරික්ෂා කල මාලිම්බඩ පොලීසියේ නිළධාරින් එහි තිබුණ  මත්පැන් බෝතල් තොගයක් සමග 35 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනිමට සමත් වි ඇත.

සැකකරුවන්ගෙන් සිදු කල ප්‍රශ්ණ කිරිම් වලදි මෙම මත්පැන් බෝතල් මාතර මාකදුර ප්‍රදේශයේන් මිලදි ගෙන වැඩි මිලට අලෙවි කිරිම සදහා මාතර දක්වා රැගෙව යමින් සිටි බවට අනාවරණය කර ගෙන ඇත.

ඒ අනුව පරික්ෂණ මෙහෙයවු මාලිම්බඩ පොලීසිය සහා මාතර කොට්ඨාශ දුෂන මර්ධන ඒකකයේ පොලිස් නිළධාරින් මෙම මත්පැන් අලෙවි කල මාකදුර ප්‍රදේශයේ පුද්ගලයාගේ නිවස වටලා පරික්ෂා කිරිමේදි විවිධ ප්‍රදේශ වලට අලෙවි කිරිමට දවටන වල ඔතා සකස් කර තිබු තවත් මත්පැන් බෝතල් විශාල තොගයක් සමග මෙම ජාවාරම මෙහෙයවු 55 හැවිරිදි ප්‍රධාන සැකකරු අත් අඩංගුටව ගැනිමට සමත් වි ඇත.

මාතර දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශ වල මෙම සැකකරුට අයත් හෝටෙල් පවතින බවත් පවතින තත්වය හමුවේ ඒවා වසා දාමා ඇති හෙයින් ඒවායේ අලෙවි කිරිමට රැගෙන ආ මත්පැන් මෙම සැකකරු විසින් නිවසට රැගෙන විත් වැඩි මිලට විවිධ පුද්ගලයින්ට අලෙවි කර ඇති බවට ඔහුගෙන් සිදු කල ප්‍රශ්න කිරිම් වලදි අනාවරනය වු බව පොලීසිය පවසයි.

සැකකරුවන් කඹුරුපිටිය හා මාකදුර යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර ඔවුන් හෙට දිනයේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.මාලිම්බඩ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.

(අකිල මධුෂාන්ගේ මුහුණු පොතෙනි )arrack 1arrack 6

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *