Home / News / මාතර සමුපකාර රෝහල් කාර්ය මණ්ඩලය දිනක වැටුප කොරෝනාවෙන් විපතට පත් ජනතාවගේ පිහිටට යොදවයි…

මාතර සමුපකාර රෝහල් කාර්ය මණ්ඩලය දිනක වැටුප කොරෝනාවෙන් විපතට පත් ජනතාවගේ පිහිටට යොදවයි…

FB_IMG_1586054738887FB_IMG_1586054729624මාතර සමුපකාර රෝහල් කාර්ය මණ්ඩලය දිනක වැටුප කොරෝනාවෙන් විපතට පත් ජනතාවගේ පිහිටට යොදවයි…

මාතර නූපේ වෙල ඉන්නෙත් මාතර දිස්ත්‍රික්කයේම පදිංචී බොහොම අසරණ දුප්පත් ජනතාවක්.ඔවුන්ගෙන් වැඩි දෙනෙක් දෛනිකව කීයක් හෝ උපයා ගෙන ජීවිතය යන්තම් ගැට ගහ ගන්න අයයි.මේ දිනවල ඔවුන්ට යන එනමං නැති වෙලා.

එක ගෙදර පවුල් දෙක තුනක් නැති ගෙයක් සොයා ගන්න අමාරුයි. ඒ තරමටම කුඩා ඉඩකඩක් තුල වැඩි පිරිසක් පදිංචි වී සිටිනවා.බොහෝ දෙනෙකුට ඔවුන්ව මතක් වෙන්නේ ඡන්ද කාලෙට විතරයි.

මේ වෙලාවේ කරකියා ගත නොහැකි නූපේවෙල පදිංචි පවුල් වලට මොනවා හරි කරන්න ඕන කියලා සීමාසහිත මාතර විවිධ සේවා සමුපකාර සමිතියේ ගරු සභාපති චමින්ද ගුණසේකර මහතා සිතා ගෙන සිටින විටයි මාතර සමුපකාර රෝහලේ කාර්ය මණ්ඩලය ඉදිරිපත් වුනේ.FB_IMG_1586054725224

තම දිනක වැටුප ලබා නොගෙන එම මුදල් දුප්පත් අසරණ ජනතාවට පිහිටක් වීමට යොදා ගන්නා ලෙස ඉල්ලා සිටියේ.

ඒ අනුව මාතර සමුපකාර රෝහලේ කාර්ය මණ්ඩලය තම යුතුකම ඉටු කිරීමට නූපේවෙල ගම්මානය වෙත ගියා.

රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමකින් යුත් ආහාර ද්‍රව්‍ය පාර්සල් පවුල් 250 කට පමණ ඔවුන් නොමිලයේ බෙදා දුන්නා.

සීමාසහිත මාතර විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති චමින්ද ගුණසේකර මහතා ඊට අදාල මග පෙන්වීම සිදු කලත් ඔහු එකදු පාර්සලයක් බෙදීමට එකතු වුනේ නැහැ.

සිය කාර්ය මණ්ඩලයේ මුදලින් සිදු කල නිසා සියලු ඔවුන් අතින්ම සිදු කිරීමට ඉඩකඩ ලබා දී තිබුණා.

අවදානම් අවස්ථාවකදී රැකියාවට පැමිණ තම දිනක වැටුප නොගෙන මාතර සමුපකාර රෝහලේ කාර්ය මණ්ඩලය සිදු කල සත් ක්‍රියාව අප සියලු දෙනාගේ ප්‍රශංසාවට ලක් විය යුතුය.

(මාතර හොට් නිව්ස් පිටුවෙනි)

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *