Home / Stories / මාතර මාධ්‍යවේදින්ගේ මේ මොහොතේ දායකත්වය රටටම ආදර්ශයක් !

මාතර මාධ්‍යවේදින්ගේ මේ මොහොතේ දායකත්වය රටටම ආදර්ශයක් !

පසුගිය කාලය තුල මාතර මාධ්‍යවේදියෝ සංවිධානය විසින් වත්මන් අර්බුදය හමුවේ සිය දායකත්වය සමාජ ගතකරමින් සි⁣ටින ආකාරය අප වඩාත් අවධානයෙන් යුතුව නිරීක්ෂණය කළෙමු.එහිදි ඉතා පහැදිලිව පෙනුනේ මුහුණු පොතද ,මාධ්‍යවේදින් ලෙසින් පසුගිය කාලය පුරාවට ගොඩනගා ගත් සකලාකාර සමාජ සම්බන්ධතාද මනා ලෙසින් උපයෝගි කරගනිමින් සුවිශාල මෙහෙවරක ඔවුන් මේ දිනවල නිරතව සිටින බවය.සැබැවින්ම මේ දායකත්වය රටටම ආදර්ශයකැයි අප කියන්නේ ඇතැම් පළාත් වල බහුතරයක් මාධ්‍යවේදින් මේ අර්බුදයන් මැද වුවද කටයුතු කරනා අන්දමද වඩාත් හොදින් දන්නා නිසාය.

පහත සටහන උපුටා ගැණුනේ මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ සභාපති ක්‍රිෂාන් ජයරුක්ගේ මුහුණු පොතිනි.එයට පිවිසෙන්න.මාධ්‍යවේදින් ලෙසින් වෙනත් පළාත්වල අයටද කළහැකි බොහෝ අත්දැකිම් එහි ඇති බව එවිට ඔබට පසක් වනු ඇත.FB_IMG_1585882261236

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් යන වාහන වල මහජන දැනුවත් කිරීම් වලට ගොස් මේ දවස් වල කට රිදෙනවා.ඒ නිසාම අපේ මිතුරා රම්සි මොහොමඩ් මහතා සීමාසහිත මාතර විවිධ සේවා සමුපකාර සමිතියේ සියලුම වාහන වල ශබ්ද විකාශන යන්ත්‍ර වලට අවශ්‍ය හඩ පටිගත කිරීම් නොමිලයේම කර දුන්නා.

කොරෝනා ව්‍යසනය පාලනය කර ගැනීම වෙනුවෙන් ඕනෑම කටයුත්තකට තම ශබ්දාගාරය නොමිලයේ විවෘත කර දෙන බව රම්සි මොහොමඩ් අයියා පැවසුවා.

පහත පළවන්නේ මාතර මාධ්‍යවේදියෝ ගැන තවත් සටහනකි.FB_IMG_1585883146705FB_IMG_1585883123558

මාතර මිනිසුන්ට උදවු කරන අතරවාරයේ කොරෝනා විපතින් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් ද උදවු කිරීමට අප අමතක කලේ නෑ.එය අභියෝගයක් වුනත් මාතර මාධ්‍යවේදීයෝ සංවිධානයේ ටී.කේ.මහින්ද අයියත්,සුජීව සමරක්කොඩි අයියත් ලලිත් පත්මසිරි අයියත් කැලුම් බෝධීමානත් මා සමග කොන්ද කෙලින් හිට ගත්තා.,එඩ්මන්ඩ් ලියනගේ,පංකජ සංකල්ප,මහේෂ් මලවරආරච්චී වගේම උදයකුමාර රණවීරත් තමන්ට පුලුවන් ආකාරයට උදවු කරන්න ඉදිරිපත් වුණා.

අද වන විට පත්තර රස්සාව නැති වු මාධ්‍යවේදීන් විශාල පිරිසක් මාතර සිටිනවා.කරකියා ගතහැකි දෙයක් නෝමැතිව.

මාතර මාධ්‍යවේදී මානූෂීය මෙහෙයුමේ සුවිශාලතම දායකත්වය දැක්වූයේ නිල්වලා නෙලුම පදනමේ සභාපති නිපුන රණවක මහතායි.මගේ ඥාතියා දකුණු පලාත් ප්‍රවෘත්ති අමාත්‍යංශයේ මාධ්‍යවේදී විජිත උදය කුමාර හා පාසල් කාලයේ සිටන් ඉන්න මිතුරා දකුණු පලාත් ආණ්ඩුකාර මාධ්‍ය ලේකම් ප්‍රදීප් දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු එහි සම්බන්ධීකරණ කටයුතු සිදු කලා.

වැලිගම නගරාධිපති රෙහාන් ජයවික්‍රම ඊ ලගට අපට ලබා දුන් දායකත්වය මිල කල නොහැකියි.ඔහු අපිට සහෝදරයෙක් වගෙයි.

කඹුරුපිටිය එක්වෙමු ලංකා ආයතනයේ චමින්ද ජයසේකර මල්ලී ඇතුළු කාර්ය මණ්ඩලයත් අපිට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා.ද්‍රව්‍යාධාර පමණක් නොවෙයි වාහන පහසුකම් පවා ලබා දී තිබෙනවා.

තව දුරටත් අපිට පරිත්‍යාගශීලීන් උදවු කරමින් සිටිනවා.අපි ඒවා මාධ්‍යවේදී කෙටි කාලීන හා දිගු කාලීන වැඩසටහන සදහා අවශ්‍ය පරිදි යොදා ගන්නවා.

මාතර ජනතාව වෙනුවෙන් සුවීසල් වැඩ කොටසක් ඉටු කිරීමට මට සිදු වී ඇති නිසා මා හට මාධ්‍යවේදීන් සියලු දෙනාගේ නිවෙස් වලට ඒමට නොහැකි වී තිබෙනවා.එය අපේ මහින්ද සුජීව ඇතුළු මාධ්‍ය සගයන් පිරිස ඉටු කරමින් තිබෙනවා.මාතර මාධ්‍යවේදීයෝ සංවිධානයේ සභාපතිවරයා ලෙස මට මගේ යුතුකම ඉටු කිරීමට හැකියාව ලැබීම ගැන අතිශය සතුටු වෙනවා.

ඉදිරි බෙදාදීමේ කටයුතු වලට මා සට සම්බන්ධ වීමට නොහැකි වූවත් මෙම මාධ්‍යවේදී මානූෂීය සත්කාරය වෙනුවෙන් අත දුන් හිත දුන් උර දුන් කිව් නොකිව් සියලු දෙනාට අප මාතර මාධ්‍යවේදීයෝ සංවිධානයේ ස්තූතිය පුද කර සිටිනවා.

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *