Home / Stories / මේ වෙලාවේ සමුපකාර යථාර්ථය…

මේ වෙලාවේ සමුපකාර යථාර්ථය…

.coop

බොහෝ දෙනෙකු සිතනවා මේ අත්‍යාවශ්‍ය ආහාර පාර්සල් බෙදා දීම හරි පහසු දෙයක් කියලා.පසුගිය දින කිහිපයේ මා ඒ හා සම්බන්ධවම කටයුතු කල නිසා ඒ ක්‍රියාවලිය කොපමණ අපහසු ද කියලා තේරුම් ගියා.

ඕනෑම කෙනෙකුට අපේ පැත්තට ආවේ නෑ.හරියට බෙදන්නේ නෑ කියලා චෝදනා කරන්න හරිම පහසුයි.

සීමාසහිත මාතර විවිධ සේවා සමුපකාර සමිතිය ඇතුළු බොහෝ සමුපකාර සමිති මේ කාර්යය කරන්නේ අවම පහසුකම් මධ්‍යයේයි.

බොහෝ දෙනෙකුට සමුපකාරය කියලා දෙයක් මේ රටේ තියන බව මතක් වුනෙත් මේ ව්‍යසනය වෙලාවෙයි.

එහෙම වුනත් වීරවිල සතොස තොග ගබඩාවෙන් සැමන් ටින් එක රුපියල් 100 ත් පරිප්පු කිලෝව රුපියල් 65 ටත් තමයි සමුපකාරයට නිකුත් කරන්නේ.ඒ ගේන්න යන ලොරියට රුපියල් 25000 කට වඩා වැඩි වියදමක් අවම වශයෙන් වැය වෙනවා.එතැනින් ගේන මුදලටම තමයි නැවත පාරිභෝගීකයින් අතටත් ලබා දෙන්නේ.එක සතයක් ලාබ නෑ ඒවායින්.

ඒ වගේම රටේ ආහාර අර්බුදයක් තිබෙන බව පැහැදිලියි.සීමාසහිත මාතර විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති චමින්ද ගුණසේකර මහතා හාල් කිලෝ දහදාහක් එවන්න ලොරියක් යැව්වම කිලෝ දෙදාහක් වගේ තමයි ලැබෙන්නේ.අනෙක් ද්‍රව්‍ය වුනත් එහෙමයි.ලෝකෙම රටවල් මේ ව්‍යසනයට ලක්ව තිබෙන නිසා අපිට මේ වෙලාවේ ආහාර ද්‍රව්‍ය ඒ රටවලින් එන එක නැවතී තිබෙනවා.ඒක සාමාන්‍ය දෙයක්.

බොහොම අමාරුවෙන් ඒ ලැබෙන ටික ගෙනල්ලා බාද්දී පවා එකින් එක ගණන් කරන්න ඕන.ඊලගට සේවක ප්‍රශ්න. ස්වෙච්ඡා සේවකයින් පවා යොදා ගෙන තිබෙනවා.ඔවුන්ට ගෙවල් වල ඉදන් වැඩට එද්දී යද්දී පොලීසී වලින් ප්‍රශ්න එනවා.ඊට පසු දින සමහරු ඒක නිසා එන්නේ නෑ.ඒ සේවකයින්ට ගෙවල් වලින් පවා ප්‍රශ්න.විෂබීජ ගෙවල් වලට අරගෙන එන්න යනවා කියලා.ඒත් ඔවුන් මේ වෙලාවේ රැකියාවකට වඩා තම යුතුකමයි ඉටු කරන්නේ.ජීවිත අවදානමක් ගැන දැන දැනත් ඔවුන් එම සේවාව සිදු කරනවා.

ඊට පසුව ඒ ද්‍රව්‍ය නියමිත පරිදි දශමයටම කිරන්න ඕන.රුපියල් 500,1000,1500,2000 පාර්සල් වලට අසුරන්න ඕන.ඒ පාර්සල් නැවත පරික්ෂා කරන්න ඕන.අදාල මුදලට සරිලන බඩු පාර්සලයක් හදන්න ඕන.රුපියල් පහක හරි වෙනසක් තියෙනවා නම් ෂැම්පු පැකට් එකක් හරි ඇතුලත් කල යුතුයි.

ඊට පසු නැවත ගණන් කර පාර්සල් වාහන පටවා ගෙන තමයි බෙදා හැරීම සිදු කරන්නේ.මේ ක්‍රියාවලිය කියන තරම් සුන්දර නෑ වගේම.වගකිව යුතු අයගෙන් ලැබිය යුතු සහයෝගයත් ප්‍රමාණවත් තරම් නෑ.ඒත් මාතර සමුපකාර බඩු මල්ලට මේ වන තෙක් කවුරුවත් චෝදනා කරලා නෑ.නියමිත වටීනාකම තිබෙන බව ඔවුන් දන්නවා.

මාතර සමුපකාර සභාපති චමින්ද ගුණසේකර මහතා තනි ගේමක් මේ දවස් වල ගහන්නේ.පෞද්ගලික හිතවත්කම් මත ආහාර ද්‍රව්‍ය වැඩිපුර ගෙන්වා ගන්නේ.බොහෝ දුෂ්කරතා මැද තමයි මේ කටයුතු සිදු කරන්නේ.ඕනෑම කෙනෙකුට කියන්න ලේසියි.කරන්නයි හරි අමාරු.ජනතාවට දිය යුතු දේ කෙසේ හෝ දෙන්න අපි උත්සාහ කරනවා.ඒක අභියෝගයක් වුනත් ඒකට සීමිත සම්පත් සමග අපි මුහුණ දෙනවා.

කොහොම නමුත් ඉදිරියේ දී අපි හැමෝටම දේශීය කෘෂි කර්මාන්තයට යොමු වෙන්න වේවී.නගරයේ ඉන්න අයටත් අඩුම තරමින් මල් පෝච්චීයක හරි මෑ වැලක් හෝ සිටුවා ගන්න සිදු වෙනවාමයි.ඒ අභියෝගයටත් නුදුරේ දීම අපිට මුහුණ දෙන්න සිදු වෙනවාමයි…..

(උපුටා ගැනීම ක්‍රිෂාන් ජයරුක්ගේ මුහුණු පොතෙනි)

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *