Home / News / අතුරුදන් පවුල්වල ඥාාතිහු මාතරදි හමුවෙති ! යුක්තිය ඉල්ලා හඞ නගති !

අතුරුදන් පවුල්වල ඥාාතිහු මාතරදි හමුවෙති ! යුක්තිය ඉල්ලා හඞ නගති !

matara meeting 3අවුරුදු තිහකට වැඩි කාලයක් තිස්සේ තවමත් තම පුතා දුව ස්වාමියා අතුරුදහන් කිරීම ගැන සංවේදී වෙන මේ මිනිසුන් දැන් බොහෝ වියපත් වෙලා…!
බ්රිටෝ ප්රනාන්දු සහෝදරයාත් මේ ප්රශ්නය අත් හරින්නේ නෑ !…
අවු. 30 හකට පස්සේ කොහොම හරි මේ ප්රශ්නයට මුහුණ දුන් පිරිසට මොනයම්ම හෝ සහනයක් දියයුතුයි නම් ඒ වෙනුවෙන් කලහැකි යමක් කිරීමට රජයෙන් නිත්ය කාර්යංශයක් පිහිටවා තිබෙනවා !
නොදුටු බවට සහතිකයක් නිකුත්කර තිබෙන අයට රු.6000/= ක මාසික දීමනාවක් යැපෙන්නන්ට දෙන බවට මුදලක් වෙන්කර තිබෙනවා…
දැන් ඒකත් ගන්න ලේසි නෑලු !
උතුරේ කොටසකට හමු වෙනවාලු ! මීට පෙර රු.50000/= ක වන්දියක් ලැබුනු අයට දෙන්නේ නෑලු !….නොදුටු බවට සහතික නිකුත්කිරීමට පෙර සමහරුන්ට මිනිය නොදුටු නමුත් ලබාදෙමි යනුවෙන් සටහන් කර මරණසහතික ලබාදී ඇති අයට නොදුටු බවට සහතිකය ගේන්න කියනවාලු ! රෙජිස්ට්රාර් කියනවාලු සහතික දෙකක් දෙන්න බෑ කියලා ….මේවාට ඇහුම්කන් දෙන විට මොන රටකද අපි ජීවත්වෙන්නේ කියලා හිතෙනවා….මේ වයසක පිරිස තවමත් තම දරුවන් වෙනුවෙන් සංවේදීයි…! කාලකණ්ණි පාලකයිනි මේ මිනිසුන්ට වද නොදී වැරැද්දක් සිදුවූබව පිලිගෙන සංකේතයක් ලෙස මේ මුදල දීපල්ලා…මේ මිනිසුන් තව බොහෝ කලක් ජීවත් වෙන්නේ නෑ ! එක අම්මා කෙනෙක් කියනවා දරුවන්ගේ තාත්තා අතුරුදහන් උනාට දරුවෝ ලොකුමහත් කලා දැන් ඒගොල්ලන්ටත් ලොකු දරුවෝ ඉන්නවා දැන් මට බය මම විඳපු දුක මගේ දරුවන්ටත් වෙයිද කියලා ! Matara meeting 1
මුනුපුරාලාත් දැන් ලොකුයි …🤔
……බ්රිටෝ කියනවා…දැන් අතුරුදන් කිරීම අපරාධයක් ලෙස නීතියට ඇතුල් වෙලා..අහු උනොත් වසර 20ක් සිරදඬුවම් , රජයට ලක්ෂ 10ක් සහ අදාල අයට ලක්ෂ 5ක් ගෙවන්න වෙනවා…එකක් හරි ඔප්පු කලොත් මින් ඉදිරියට මොකා කිවුවත් මෙවන් අපරාධ කිරීමට දෙවතාවක් හිතාවි !…අපි ඒ දේවත් තහවුරු කරමු !
සටහන ඡායා- අජිත් මුණසිංහ

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *