Home / Stories / ගිනස් පොතට යන්න හදන මාතර සනත් සුපිරිම වැඩ්ඩෙක් !

ගිනස් පොතට යන්න හදන මාතර සනත් සුපිරිම වැඩ්ඩෙක් !

 1578974726-Mathara_Egg_L

මාතර පොල්හේනේ ප්‍රදේශයේ ජීවත්වන අවුරුදු 54 වන ඩබ්.ඩී.සනත් නැමත්තා මෙම පසුගිය ඉරිදා දින අපූරු දෙයක් කිරීමට සමත් වුණා.

ඔහු විසින් පා පැදියෙන් ගොස් විශ්මිත ක්‍රියාවන් කිහිපයක් ඉදිරිපත් කිරීම මාතර මඩිහ මුහුදු තීරයේ දී සිදු විය.

විදේශිකයන් රැසක් හා සාමාන්‍ය ජනතාව රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා පෞද්ගලික හෝටල් හිමිකරුවෙකුගේ අනුග්‍රහයෙන් පැවැත් විය.

බිත්තර 500කට වැඩි ප්‍රමාණයක් ගැට නොගසා පා පැදියේ පිටු පස තබා අත හැර යාම, ගෑස් ටැංකි 3ක් පා පැදියේ පිටු පස තබා ගැට නොගසා අත හැර යාම, ගෑස් ටැංකි 2ක් පිටු පස තබා බිත්තර අඩංගු තැටිය සමඟ අත හැර යාම ආදි විශ්මිත ක්‍රියාවන් රැසක් මොහු විසින් ඉදිරිපත් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සනත් අද දෙරණට පවසා සිටියේ, තමා අබාධිත තත්ත්වයෙන් පෙලුනත් කුඩා කළ සිට අරමුණ වුයේ වාර්තා පොතේ ඉහළටම ගොස් රටට කීර්තියක් ගෙන ඒම බවයි.

ඒ තුළින් විදේශිකයින් වැඩි දෙනෙකුගේ ආකර්ශනය දිනා ගැනීමට ද තමාට හැකි වු බව පැවසු ඒ මහතා, තමාගේ දක්ෂතාවය ගිනස් පොතට ගෙන යෑමට අවස්ථාවක් සලසා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

අබාධිත තත්ත්වයෙන් පසු වුවත් තම හැකියාවට අවස්ථාවක් ලබා දෙන්නේ නම් එය ඉතා අගනා දෙයක් බවත් ඔහු පවසා සිටියේය.

අද දෙරණ

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *