Home / News / දිවියන්ගේ ප්‍රහාර නිසා බුත්තල කතරගම මාර්ගයේ අනතුරුදායක තත්වයක් ?

දිවියන්ගේ ප්‍රහාර නිසා බුත්තල කතරගම මාර්ගයේ අනතුරුදායක තත්වයක් ?

දිවියාගේ සපාකැමට ලක්වු අයෙක්
දිවියාගේ සපාකැමට ලක්වු අයෙක්

බුත්තල කතරගම මාර්ගය තරමක් අනතුරුදායක තත්වයකට  දැන් පත්ව තිබේ. මෙයට හේතු වි තිබුනේ දැනට අවස්ථා කිපයදිම දිවියන්ගේ ප්‍රහාරයන්ට විවිධ පුද්ගලයන් ලක්ව තිබිම නිසාය.
වාර්තා වන අන්දමට අද මෙන්ම ඊයේ දිනයේදි කිපදෙනෙකු මෙසේ දිවියෙකුගේ  ප්‍රහාරයන්ට ලක්ව තිබුණි.
යාල අංක 3  කලාපයේ, බුත්තල – කතරගම මාර්ගයේදී දිවියෙකු කඩා පැන සපා කෑම හේතුවෙන් යතුරුපැදිකරුවකු  අද(31) තුවාල ලබා තිබුණ අතර ඊයේ(30) එම දිවියා එහි ගමන් ගත් තරුණයන් තිදෙනෙකු වෙත පැන සපා කා තුවාල කර තිබේ.
එමෙන්ම පෙරේදා(29) තවත් යතුරුපැදිකරුවකුට තුවාල කර ඇත. මේ හේතුවෙන් ජනයා දැඩි බියකට පත්ව සිටින බව ලංකාදිප වෙබ් අඩවියද වාර්තා කොට තිබුණි.
මේ අතර සංචාරකයන් සහ මගීන් විශාල පිරිසක් ගමන්ගන්නා මෙම මාර්ගයට පැමිණ එහි ගමන්ගන්නා පිරිසට පසුගිය දිනවලදී ද මේ දිවියා පහර දී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

මිට පෙර අවස්ථාවකදි වන්දනාවේ ගිය අයෙකු දිවියෙකුගේ ප්‍රහාරය ලක්ව තිබුනේ කැලැව අසල මාර්ගයේ ශරිර කෘතයක් සදහා නැවැති සිටියදිය.

මෙයට මාස 6 කට ඉහත දි මේ අයුරින් මිනිසුන් වෙත කඩා පැන තුවාල කළ දිවියකු වනජීවි නිලධාරීන් අල්ලා වෙනත් ප්‍රදේශයක් වෙත මුදා හැර තිබිණි.

මේ සම්බන්ධව ඌව හා දකුණු පළාත් භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්න විමලදාස මහතා මෙසේ පැවසුවේය.

“මෙම මාර්ගය යාල වන උද්‍යානයට අයත් ප්‍රදේශයක්. ඇතැම් මාළු වෙළෙන්දන් ඉතුරු වන මාළු වනයට විසිකරනවා. ඒවා කඑන්න හුරුවුණු  දිවියන් මාර්ගය ම එනවා. තවත් පිරිසක් වන අලින්ට කෑම දමනවා. මෙම මාර්ගය ජනයාට විවෘතව ඇත්තේ ගමන් යෑමට පමණයි. සමහර අය කැළයේ රථ වාහන නවතා තබා ගෙන අරක්කු බොනවා. තවත් පිරිස් වන අලින් සමග ඡායාරූප ගන්නවා. මම කාරුණිකව ඉල්ලා සිටිනවා මෙම අලින්ට කෑම දීම නවත්තන්න කියලා. කැළෑවේ කිසිම තැනක වාහන නවතා කාලය ගත කරන්න එපා. වන සතුන්ටයි කැළය අයිති. මම වන ජීවී නිලධාරීන් යොදවලා මෙම දිවියා සම්බන්ධව සොයා බලනවා” යැයිද ඔහු කීය..
මුලාශ්‍රය – ලංකාදිප

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *