Home / News / රන් දූපතේ පාලම නිසා ජීවිත අනතුරේ . වහාම විසඳුමක් අවශ්‍යයි.

රන් දූපතේ පාලම නිසා ජීවිත අනතුරේ . වහාම විසඳුමක් අවශ්‍යයි.

IMG-20200210-WA0017IMG-20200210-WA0016

මාතර, කොටුවෙගොඩ ඓතිහාසික රන්දූපත හෙවත් පරවි දූපතට යන පාලම බරපතල ලෙස අබලන්ව ඇත . මෙම පාලම 2005 දී කොරියානු ආධාර ඇතිව කරවන ලද්දකි . එයට හේතුව වී ඇත්තේ තිබුනු පාලම 2004 දී පැමිණි සුනාමිය නිසා විනාශයට පත්වීමය.
මේවනවිට එහි කේබල් 4ක් කැඩී අබලන්ව ඇති හෙයින් මෙහි ගමන් කරන අයට උපදෙස් ඇතුලත් කර සැකසූ දැන්වීම් පුවරුවක් පාලම පාමුල ප්‍රදර්ශනය කර ඇත .IMG-20200210-WA0010IMG-20200210-WA0011
මෙම රන් දූපතේ ඇති පංසල වන උපෝසථාගාරයේ රජමහ විහාරය ඓතිහාසික වටිනාකමින් යුතු ස්ථානයකි . මෙම ස්ථානයේ පිළිසකර කිරීම් මේදිනවල සිදුවන අතර ඒ සඳහා අවශ්‍ය සිමෙන්ති , වැලි වැනිදෑ ගෙනයන්නේද මෙකී පාලමෙන්ය. දහස් ගනන් ජනයා නිතර ගමන් කරයි . වරක් පාසැල් දරුවෙකුට සිදුවූ අනතුරක් නිසා මාස තුනක් පාලමේ ගමන් කිරීම තහනම් කළ බව ප්‍රදේශවාසීන් පවසති . පාලමේ මැද කොටස තදින් පැද්දෙන අතර එම පැද්දීම නතර කිරීම සඳහා එක් තැනක ලී මුක්කුවක් ආධාරකයක් ලෙස යොදා ඇත. පාලම මුළුමනින්ම මලකා ඇති අතර විශාල ලෙස කඩතොළුවී ගිය තැන් ලෑලි දමා වසා ඇත.
සුනාමි අවස්ථාවේදී මෙම පංසලේ සංඝ්‍යා වහන්සේලා ඇතුළු 150ක පමණ සැදැහැවතුන් පිරිසක් සිටිබව පංසලේ නායක හාමුදුරුවන් ප්‍රකාශ කරයි . කිසිවෙකුට කිසිදු අනතුරක් සිදුවී නැත . පාලම පාමුල සිටින මල් විකුණන කාන්තාවන් , ශාස්ත්‍ර කියන කාන්තාවන් යන එන පිරිස සමඟ ගනුදෙනු කරන අතර පාලමේ අවධානම ගැන කියමින් එය හදාගැනීමට උදව් කරන ලෙස ඒපිළිබඳව උනන්දුවක් දක්වන අයට පවසති .
මෙය මාතරට සීමාවූ ස්ථානයක් නොව . සෑම දෙසින්ම ජනතාව මෙහි පැමිණෙති . විදේශිකයින්ද මෙම ස්ථානයට පැමිණේ.
එසේ තිබියදී මෙවැනි අනතුරු දායක පාලමකින් ජනතාවට ගමන් කිරීමට ඉඩ සලසා එහි අවධානම නොතකා කිසිවක් නො⁣කර බලාසිටීම බරපතල වගකීම් පැහැර හැරීමකි. ඒනිසා ජනාධිපති වරයාගේ සිට සියළු වගකිවයුත්තන් මේගැන පියවරක් ගැනීමට වහා මැදිහත් විය යුතුව ඇති බව අප අවධාරණය කරන්නෙමු .

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *