Home / Stories / පොහොට්ටු භිෂණය දකුණේ මුදාහැරිම ඇරඹේ !

පොහොට්ටු භිෂණය දකුණේ මුදාහැරිම ඇරඹේ !

හොදින් හෝ නරකින් දිනිය යුතු යැයි සිතන රාජපක්ෂ රෙජිමය දැනටමත් සිය සුපුරුදු භිෂණය මුදාහැරිමට පටන් ගෙන ඇති සෙයකි.
එය ඉදිරි දින කිපය තුල තවත් වර්ධනය විය හැකි බැව් පෙනෙන්නේ  මේ දිනවල විවිධ ප්‍රදේශවලින් වාර්තාවන තොරතරුත් සමගින්ය.
මේ අතර ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පිහිටුවා තිබුණු වීරකැටිය අනෝදාගම පිහිටි පක්ෂ කාර්යාලයට පහරදී ඇත්තේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ.

එම පක්ෂ කාර්යාලය නිසි අවසර ඇතිව ඉකුත් 23වැනිදා පෙරවරුවේදී පිහිටුවා ඇත. ඊට පහරදී හානි කර ඇත්තේ එදින රාත්‍රියේදීය.

පක්ෂ කාර්යාලය ඉදිරිපිට තිබුණු කොඩි කණු බිමට ඇද දමා කාර්යාලයට හානි කර ඇතැයි පොලිසිය සඳහන් කළේය. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් එම පහරදීම කර ඇති බව අනාවරණය වී ඇතත් එම යතුරු පැදියේ අංකයක් හෝ පහර දුන් අය කවුරුන් දැයි අනාවරණය වී නැතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ඉකුත් 19 වැනිදා ද හුංගම දී සජිත් ප්‍රේමදාස මහතාගේ හම්බන්තොට සම්බන්ධීකරණ නිලධාරියකුගේ පියකුට සහ සහෝදරයකුට බීමත් පිරිසක් විසින් පහරදී තිබුණි. එම පහරදීමට සැකපිට එක් අයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව හුංගම පොලිසිය සඳහන් කළේය.පුසගිය මැතිවරණ වලදිද දකුණේ රාජපක්ෂ භිෂණය දැඩිව පැවැතුණි.

 

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *