Home / News / සිවිල් කාන්තා රැස්විමක් මැදට පැන්න ගාල්ල පොහොට්ටු නගරාධිපති යකා නටයි !

සිවිල් කාන්තා රැස්විමක් මැදට පැන්න ගාල්ල පොහොට්ටු නගරාධිපති යකා නටයි !

galle issue
කිල් පාට කමිසයක් ඇද සිටින්නේ ගාල්ල නගරාධිපතිවරයාය.

ගැමි කාන්තා පෙරමුණ විසින් ගාල්ලේ හෝටලයක සංවිධානය කර තිබුණ දෙදින කාන්තා වැඩමුළුවක් මැදට පැන ඇති ගාල්ලේ පොහොට්ටු නගරාධිපති පියන්ත සහබන්දු යකා නටා ඇතැයි වාර්ථා වේ.මෙම අශික්ෂිත ක්‍රියාව සිදුව තිබුනේ ඊයේ මෙම වැඩමුළුවක් ආරම්භ වි මද වෙලාවක් ගිය පසුවය.
අදාල කාන්තා ක්‍රියාකාරිණියන්ට නොසරුප් වචනයෙන් බැන වදිමින් ගැමි කාන්තා පෙරමුණේ ලියාපදිංචි සහතිකයද  ඉල්ලා සිටිමින් නගරාධිපතිවරයා අනවශ්‍ය ලෙස හැසිරි ඇත.
මෙම හෝටලයේ බිත්තියේ එල්ලා තිබුණි අලි රූප සහිත බිත්ති සැරසිල්ලක් පෙන්වමින් මේ මොනවද මේ ඉන්නේ අලි මේ රැස්විම යුඇන්පි එකක් නේදදැයි අසමින් මෝඩයෙකු ලෙස හැසිර තිබේ.එවිට එහි සිටි කාන්තාවන් කියා ඇත්තේ මේ මල්පොච්චියේ පොහෝට්ටුද තිබෙන බවය.
මෙම දෙදින වැඩමුළුව සදහා පක්ෂ කිපයක් නියෝජනය කරමින් කාන්තාවන් එක්ව සිට ඇත.
ගාල්ලේ පොහොට්ටු නරගාධිපතිගේ මේ මැර හැසිරිම කාගේත් පිළිකුලට ලක්ව තිබේ.
මේ සම්බන්ධයෙන් රුහුණු පුවත් වෙබ් අඩවියට පවසා සිටියේ බලයට පැමිණිමට පෙර මෙසේ නම් බලයට පැමිණි පසු මෙවන් දේශපාලකයන් කෙසේ නම් හැසිරෙනු ඇද්ද යනුවෙනි..

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *