Home / News / ප්‍රාදේශිය ශ්‍රීලනිප නියෝජිතයෝ ගෝඨාට එරෙහිව සජිත් වටා පෙළගැසෙති !

ප්‍රාදේශිය ශ්‍රීලනිප නියෝජිතයෝ ගෝඨාට එරෙහිව සජිත් වටා පෙළගැසෙති !

ශ්‍රිලනිප නායකයත්වය විසින් රාජපක්ෂ රෙජිමයට සහය පළකිරිමට තීන්දු කළද ප්‍රාදේශිය වශයෙන් බොහෝ තැන්වල ක්‍රියාකාරින් සිටින්නේ අර්බුදයකය.
මේ පිරිසට නිසි දේශපාලන නායකයත්වය දිම ඉදිරි දින කිපය තුල වඩාත් විධිමත් වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාත්මක කිරිමට නියමිත බව ශ්‍රිලනිපය සුරැකිමේ සංවිධානයට සමිප ආරංචි මාර්ග  දක්වා සිටි.ඒ ඔස්සේ ඉදිරියේදි ප්‍රදේශක රැසක බිම්මට්ටමේ ක්‍රියාකාරිහු ගෝඨාබයට එරෙහිව පෙළගැසෙනු ඇත.මේ අතර දැනටමත් විවිධ ප්‍රදේශවලින් ක්‍රියාකාරින් එක්විම අරභා තිබේ.
ඊයේ දිනයේ කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ ජනතා නියෝජිතයන් 08 දෙනෙක් සජිත් ප්‍රේමදාස මහතා සමඟ  කඹුරුපිටිය නගරයේ පැවැති ජනහමුවේදී අත්වැල් බැඳගත්හ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රී උදිත දසුන්, බන්දුතිලක, එස්. සඳරුවන්, ශානක ජනප්‍රිය, සරත් විදානපතිරණ, ආර්. ඒ. සොමිපාල, ඒ. සිරිසේන, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී පී. ඩී. ජිනදාස යන පිරිස සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්වූහ.

මුලාශ්‍රය- දිණමිණ

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *