Home / News / මාතරට ත්‍රස්ත අවධානමක් නැහැ: ‘ඇතැමුන් අනියත බියක් ඇතිකරන්න හදනවා’ – ජනාධිපති ලේකම්

මාතරට ත්‍රස්ත අවධානමක් නැහැ: ‘ඇතැමුන් අනියත බියක් ඇතිකරන්න හදනවා’ – ජනාධිපති ලේකම්

වර්තමානයේ හදිසි සහ අත්‍යාසන්න ත්‍රස්ත අවධානමක් පවතින බවට අර්ථ නිරූපණය කරමින් සහ අවභාවිත කරමින් ඇතැම් රාජ්‍ය ආයතන සහ පුද්ගලයන්මහජනතාව අනවශ්‍ය ලෙස බියට පත්කරන ආකාරයෙන් ලිපි නිකුත් කර ඇති බවට තමා වෙත පැමිණිලි ලැබී ඇතැයි ජනාධිපති ලේකම්වරයා පවසයි.

ඔහු විසින් අද (22) පස්වරුවේ නිකුත්කළ විශේෂ මාධ්‍ය නිවේදනය එබව සඳහන් වේ.

දැනට රට තුළ කිසිදු ආකාරයක හදිසි හා අත්‍යසන්න ත්‍රස්ත අවධානමක් මතුව නොමැති බව ආරක්ෂක අංශ විසින් අවධාරණය කර ඇතැයි ද එම නිවේදනයේ සඳහන්වේ.

මාතර ප්‍රදේශයේ පාසල් ළමුන් හා දෙමාපියන් අතර අනියත බියක් ඇතිකරමින් සිදුකර ඇති ප්‍රචාර සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න විසින් එම නිවේදනය නිකුත්කර ඇත. එම නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහන්වේ.

”පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතරුව රාජ්‍ය ආයතන සහ ජාතික වැදගත්කමක් ඇති ස්ථානවල ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් මා විසින් 2019 අප්‍රේල් 23 වන දින නිකුත් කරන ලද PS/SP/SB/C/14/2019 දරණ චක්‍රලේඛය සහ ඉන් අනතුරුව වරින්වර එකී ආයතනයන්හි ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව කරන ලද සාමාන්‍ය සිහිකැඳවීම් සහ උපදෙස් අඩංගු ලිපි හා චක්‍රලේඛ වර්තමානයේ හදිසි සහ අත්‍යාසන්න ත්‍රස්ත අවධානමක් පවතින බවට අර්ථ නිරූපණය කරමින් සහ අවභාවිත කරමින් ඇතැම් රාජ්‍ය ආයතන සහ පුද්ගලයන් මහජනතාව අනවශ්‍ය ලෙස බියට පත්කරන ආකාරයෙන් ලිපි නිකුත් කර ඇති බවට මා වෙත කරුණු වාර්තා වී තිබේ.

දැනට රට තුළ කිසිදු ආකාරයක හදිසි හා අත්‍යසන්න ත්‍රස්ත අවධානමක් මතුව නොමැති බව ආරක්ෂක අංශ විසින් අවධාරණය කර ඇත. මෙම අසත්‍ය සහ විකෘති කරන ලද කරුණු දැක්වීම සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස දැනුම් දෙමි.

රාජ්‍ය ආයතන, ජාතික වැදගත් කමක් ඇති ආයතන සහ පොදු ජනතාවගේ ආරක්ෂාව උපරිමයෙන් සහතික කිරීමට ආරක්ෂක අංශ සියලු පියවර ගෙන තිබේ.

‍එබැවින් හදිසි සහ අත්‍යාසන්න ත්‍රස්ත අවධානමක් උද්ගත වී ඇති බවට ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස වැඩි දුරටත් දන්වා සිටිමි.”

Media Releaseඑළඹෙන මැතිවරණ සමයේදී විවිධ පුද්ගලයින් විසින් හෝ කණ්ඩායම් විසින් හෝ මැතිවරණ ආශ්‍රිත ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම්  හා මැතිවරණ පසුබිම ප්‍රයෝජනයට ගනිමින් ත්‍රස්ත ක්‍රියාවල නිරතවිමට ඉඩ ඇති බැවින්, එවැනි කටයුතු වැලැක්වීමට දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත්කර පවත්වාගෙන යන ලෙසට දකුණු පළාත් ලේකම් දැනුම් දී ඇතැයි සඳහන් කරමින් දකුණේ සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හරහා විදුහල්පතිවරුන්ට චක්‍රලේඛනයක් නිකුත්කර තිබී ඇත.

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අබේරත්න නමැති අයකු විසින් එම චක්‍ර ලේඛනය නිකුත්කර තිබිණ.

ඒ අනුව මාතර ප්‍රදේශයේ ඇතැම් විදුහල්පතිවරුන් අද (22) දිනයේ පාසල් ළමුන්ගේ දෙමාපියන් කැඳවා පාසල් ආරක්ෂා කිරීම හා පාසල් ළමුන්ගේ බැග් පරික්ෂාව ඔවුන් වෙත පවරා ඇත.

ඒ සමගම මාතර ප්‍රදේශය පුරා යලිත් වරක් ත්‍රස්ත බියක් මතුවී දැඩි නොසන්සුන්කාරී තත්වයක් මතුවී තිබිණ.

ඒ අනුව ප්‍රදේශයේ දේශපාලන බලධාරියා වන මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් වහාම මෙම තත්වය සොයාබල සුදුසු පියවරක් ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයා ගෙන් ඉල්ලීමක් කර තිබු අතර මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ගෙන් ඉල්ලීමක් කර තිබිණ.

south 1

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අබේරත්නගේ චක්‍ර ලේඛනයක

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *