Home / News / මාතර ඌරුබොක්ක විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලයෙහි නිලධාරියකු පැහැර ගැනේ

මාතර ඌරුබොක්ක විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලයෙහි නිලධාරියකු පැහැර ගැනේ

white-van-1

සුදු වෑන් රථ දෙකකින් පැමිණි පිරිසක් විසින් බෙරලපනාතර නගරයේදී  මාතර, ඌරුබොක්ක බෙරලපනාතර ප්‍රදේශයේ විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලයෙහි නිලධාරියකු පැහැර ගෙන යාමේ සිදුවීමක් අද (19) වාර්තා විය. මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ දෙව්ලියද්ද පාර, බෙරලපනාතර  ලිපිනයේ පදිංචි ප්‍රදීප් සුරංග එදිරිසිංහ නම් වන  45 හැවිරිදි  දෙදරු පියෙකි.

පැහැර ගැනීම සදහා වෑන් රථ දෙකක පැමිණ ඇති අතර වෑන් රථ දෙකෙහි  ඉදිරිපස අංක තහඩු නොමැති බවත්,  එයින් එක් වෑන් රථයක් ඌරුබොක්ක දෙස සිට කොටපොල දෙසට සහ  අනෙක් රථය කොටපොල දෙස සිට ඌරු බොක්ක දෙසට ධාවනය වූ බවටත් මේ වන විට අනාවරණය වී ඇත.

 

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *