Home / News / නැව් වලින් බාන කුණුත් හම්බන්තොටටද ? නගර සභා රැස්විමේ අවධානයට ?

නැව් වලින් බාන කුණුත් හම්බන්තොටටද ? නගර සභා රැස්විමේ අවධානයට ?

හම්බන්තොට ජ්‍යාත්‍යන්තර වරායට පැමිණෙන නැව්වලින් ඉවත් කරනු ලබන කසළ හම්බන්තොට මහ නගර සභාවේ කසළ කළමනාකරණ ඒකකයට බැහැර කිරීම සිදුවන හෙයින්,  මේවා නැව් තුළ පරිහරණය කරන ඒවාද එසේත් නැතිනම් වෙනත් රටවලින් කසළ ගෙනවිත් නැව් මාර්ගයෙන් ඉවත් කරනවාද යන්න සැකයක් ඇතිවන හෙයින් නගර සභාවේ මන්ත්‍රීවරුන්ට මෙය නිවැරදි පැහැදිලි කරගැනීමක් මෙන්ම සියැසින්  දැක බලා ගැනීමටද අවශ්‍ය බව හම්බන්තොට මහ නගර සභාවේ එ.ජා.ප විපක්ෂනායක ඩී.ඒ ගාමිණී මහතා පවසා තිබුණි.

ඒ  හම්බන්තොට මහ නගර සභාවේ මාසික සභා රැස්වීමේදී හෙතෙම මේ බව පවසා සිටියේය.  ඊයේ (10දා) පැවැති අවස්ථාවේදිය.

“වෙනත් රටවලින් කසළ මෙරටට කන්ටේනර් පෙට්ටි පිටින් ගෙන්වා  කොළඹ වරායේ  ගබඩා කර තිබූ අවස්ථා පිළිබඳ පසුගිය කාලයේ වාර්තා වුණා. අපේ රටේ කසළ අපටත් කළමණාකරණය කිරීමට නොහැකි තත්ත්වයක් තුළ එසේ සිදු වූවා නම් හම්බන්තොට වරායට පැමිණෙන නැව්වලින් බැහැර කරනු ලබන කසළද නැව් වලින්ම ඉවත් කරන ඒවාද එසේ නැතිනම් වෙනත් රටකින් නැව් මගින් ගෙනවිත් කසළ බැහැර කරනවාද යන්න සාධාරණ  සැකයක් ඇතිවන හෙයින් මේ සඳහා වගකිව යුතු පාර්ශ්වයක  මැදිහත්වීම අවශ්‍යයි.” යැයිද පවසා සිටියේය.
මේ ගෑටළුව ගැන පරිසර කමිටුවේ අවධානයෙ යොමුකිරිමට අවැසි බැව් අවධාරණය කෙරිණි.
මුලාශ්‍රය- ada.lk

 

 

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *