Home / News / සජිත්ගේ මාතර රැළිය රටටම පෙන්වන්නට සිරස භාර ගනී !

සජිත්ගේ මාතර රැළිය රටටම පෙන්වන්නට සිරස භාර ගනී !

Mathata_Sajith(1.20 pm ) ජනපති අපෙක්ෂකයා ලෙසින් එජාපෙන් ඉදිරිපත් වන්නේ තමා යැයි රටට කියමින් බදුල්ලෙන් ඇරඹි රැස්විම් මාලාවේ මාතර රැස්විම මේ මස 23 වෙනිදාට යෙදි ඇත.
ඒ සදහා එජාප මන්ත්‍රින් ගණනාවක්ම සභගාගිව වන බව සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් මාධ්‍ය වලින් දැනටමත් ප්‍රචාරයක් ලබා දි තිබේ.
මේ අතර සිරස මාධ්‍ය ආයතනය ප්‍රධාන වන අතර සජිත් ප්‍රේමදාස වෙනුවෙන් දැවැන්ත ප්‍රචාරයක වැඩපිළිවෙළක ගෙනයන පැහැදිලිව නිරික්ෂණ කළ හැකිව තිබේ.
මෙවර ජනපතිවරණය සදහා පැහැදිලි වශයෙන් තමන්ගේ අපෙක්ෂකයන් ඉදිරිපත්කර ඇත්තේ පක්ෂ 2 කක් විසින් පමණි.
ඒ පොහොට්ටුව සහ ජවිපෙ පමණි.
එජාපේ ජනපති අපෙක්ෂකයා කව්ද යන්න තවමත් නිළ වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත.
එජාප විසින් සිය අපෙක්ෂකයා තවමත් නම් කොට නොතිබුණද සිරස් විසින් දැනටමත් ඔවුන් ජනපති අපෙක්ෂකයා නම්කර ඇති සෙයකි.
දිනපතා සිරස බැලිමේදි එය පැහැදිලි දර්ශණය වෙමින් තිබේ.
තතු එසේව තිබියදි ‘සජිත් එනවා මුළු රටටම..” යන තේමාව යටතේ අගෝස්තු 23 මාතර සනත් ජයසුරිය ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ජන රැලිය පස්වරු 3.00ට ආරම්භවීමට නියමිත අතර ‘සිරස’ හා ‘සියත’ නාලිකා ඔස්සේ සජීවී ලෙස විකාශය කිරීමට කටයුතු යොදා ඇත.

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *