Home / News / රෝගී වු ධිවරයෙකුගේ ජිවිතය බේරාගැනිමට ගාලු මුහුදේ දියත් වු නාවික හමුදා මෙහෙයුම !

රෝගී වු ධිවරයෙකුගේ ජිවිතය බේරාගැනිමට ගාලු මුහුදේ දියත් වු නාවික හමුදා මෙහෙයුම !

IF
IF

IF

ගොඩබිමේදි මෙන් නොව මුහුදේ රැකියා ජිවිතය අතිශය දුෂ්කරය . එය ගොඩබිමේදි මෙන් සිමාවන් රැසකට යටත්ය. දින ගණන් මුහුදේ ගතකරන ජිවිතය යනු ගොඩබිමේදි ගෙවන ජිවිතයට හාත්පසින්ම වෙනස්ම එකක. කෙනෙකු ලෙඩ වන්නේ කොයි මොහොතකදැයි නිශ්චිත නොවුවද , ගොඩබිමකදි මුහුණ දෙන රෝගාතුරවිමට ඒහා ගිය දැවැන්ත අභියෝගයක් මුහුදේදි රෝගි වන අයෙකුට මුහුණ දිමට සිදුවේ .
Navy 3IF

Navy 6
මෙම අභියෝගයට මුහුණ දිමට සිදුව ධිවරයෙකු පිළිබද පුවතක් පසුගිය දිනකවලමාධ්‍ය විසින් වාර්ථා කරන්නට යෙදුණි. බේරුවල ධීවර වරායෙන් 2019 අගෝස්තු 06 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘ගිතාංජලි 1’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු රෝගීවි සිටින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව නාවික හමුදාව විසින් එම රෝගියා රැගෙන ඒම සඳහා වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවීමට කටයුතු කරන ලදී.

එහිදී ගාල්ල ප්‍රදිපාගාරයට නාවික සැතපුම් 10 ක් පමණ වූ දුරකදී රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව රෝගියා හට මුලික ප්‍රථමාධාර ලබා දෙමින් නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කෙරුණු අතර, ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබූ රෝගියා වෛද්‍ය ප්‍රථිකාර සඳහා කරාපිටිය, ශික්‍ෂණ රෝහල වෙත යොමු කරන ලදී.
මුළාශ්‍රය- සහ ඡායා – www.navy.lk

 

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *