Home / News / නදුන් උයන ප්‍රසංගය අවලංගුයි ! ප්‍රවේශපත්‍ර ගාස්තු නැවත ලබාදිමට තීන්දුවක් !

නදුන් උයන ප්‍රසංගය අවලංගුයි ! ප්‍රවේශපත්‍ර ගාස්තු නැවත ලබාදිමට තීන්දුවක් !

nadun-galaමාතර මහනගර සභාවේ පුරපති ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් මූල්‍ය විනය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා මුදල් අධීක්ෂණය නොසලකා හරිමින් සංවිධානය කළ ” නදුන් උයන” ප්‍රසංගය අවලංගු කර ඒ වෙනුවෙන් අලෙවිකළ ප්‍රවේශ පත් ගාස්තු නැවත ගෙවන බවට අද(09) දින නිළ වශයෙන් නිවේදනය කර ඇති බව මාතරකිඹුලා වෙබ් අඩවිය අද වාර්ථා කර තිබුණි.

මේ වන දකුණු පළාතේ විවිධ දුෂණ පිළිබදව ප්‍රතිපත්තිමය ස්ථාවරයක පිහිටා අගනා මාධ්‍ය මැදිහත්විමක නිරත මාතරකිඹුලා වෙබ් අඩවිය විසින් මේ දූෂිත ක්‍රියාන්විතය සම්බන්ධයෙන්  කරනලද ගවේෂණාත්මක හෙලිදරව්ව සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ගේ අවධානය යොමුකර තිබුණි.
එහි ප්‍රථිපලයක් ලෙස  මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක්ද කැදවන්නට යෙදුණි.
අනතුරුව පළාත් පාලන කොමසාරිස් වරයාද විශේෂ විමර්ශනයක් පවත්වා නීති විරෝධී ලෙස කටයුතු කළ නිළධාරීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදී ස්ථාන මාරුවීම් ලබාදීමට පියවර ගෙන තිබිනි.මේ අතර නදුන් උයන නීත්‍යානුකූල කරගැනීම සදහා විශේෂ සභාවක් කැදවීමට මලිදු ගජධීර ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායමක් ජුලි 30 දින කටයුතු කලේය.එදින ඒ වෙනුවෙන් විශේෂ කමිටුවක් ද පත් කලේය.

අදාල කමිටුව අගෝස්තු 01 දින සහ අගොස්තු 06 දින රැස්වී නදුන් උයන අවලංගු කිරීමට ඒකමතික තීන්දු කලෙය.ප්‍රසංගය වෙනුවෙන් අයකළ සියලු මුදල් යලි ජනතාවට ලබාදීමට තීන්දුව කෙරුනේ එදිනය.මාතර මහනගර සභාව 2019 අයවැයෙන් කුමාරතුංග මහජන පුස්තකාල සංවර්ධන කටයුතු සදහා රුපියල් ලක්ෂ 35 ක මුදලක් වෙන්කර තිබේ.

එසේ තිබියදී පුස්තකාලයේ වායු සමීකරණ යන්ත්‍ර සවිකිරීමට ආධාර පිනිස යැයි සදහන් කරමින් රුපියල් ලක්ෂ පහක් සොයාගැනීමට නදුන් උයන ප්‍රසංගය සංවිධානය කෙරුණි.මාතර මහනගර සභාවේ ප්‍රධාන ආදායම් නිළධාරීයා වන නාගරික කොමසාරිස් වරිය මගහැර ප්‍රසංගයේ සියලු ආදායම් හා වියදම් අධීක්ෂණය පුරපති රංජිත් යසරත්න විසින් පවරා තිබුණේ ඔහුගේ වැඩිමහල් දියණිය වන මාතර කුමාරතුංග මුණිදාසමහජන පුස්තකාලයේ කණිෂ්ඨ පුස්තකාල නිළධාරීණියක වන ඩී.ජී වාසනා නමැත්තියටය.ඇයගේ යෙහෙළියක වන එම පුස්තකාලයේ ම පුස්තකාල සහායිකා තනුජා දිල් රුක්ෂි මහත්මිය ද ඊට හවුල් කරගෙන තිබිනි.

අවසානයේ පුරපති ඇතුලු දූෂිත නඩයේ කටයුතු වෙනුවෙන් දඩුවම් විදින්නට සිදුවූයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ විධිමත් පත්වීම් ලිපියක් ලැබ පළාත් රාජ්‍ය සේවයට එක් වූ මේ නිළධාරීන්ට ය.දකුණු පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිළධාරීන් විසින් සිදුකරන ලද විමර්ශනවලට අනුව මාතර මහනගර සභාවේ පුස්තකාලයේ නිළධාරීන් 14 දෙනෙකු අතරින් මේ නීති විරෝධී ක්‍රියාවට අනුබල දී තිබුණේ නිළධාරීණියන් දෙදෙනෙකි.ඒ තනුජා දිල් රුක්ෂි හා පුරපති දියනී ඩී.ජී වාසනාය.

දඩුවම් ලෙස ඔවුන්ට ස්ථාන මාරුවීම් ලබන්නට සිදුවිය.තනුජා දිල් රුක්ෂි මාතර ප්‍රාදේශීය සභාවට සහ වාසනා දික්වැල්ල ප්‍රාදේශීය සභාවට වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා තිබුණේ ඊයේ (08) දින සිටය.දැන් මාතර මහනගර සභාවේ දූෂිත මන්ත්‍රී කණ්ඩායම සංගීත පිපාසයෙන් මිතුරුහවුලක් පිහිටුවාගෙන වෙනත් නමකින් ප්‍රසංගයක් සංවිධානය කිරීමට දත කන බව දැනගන්නට ඇත .ඒ වෙනුවෙන් සියයට 25 ක් වූ විනෝද බද්ද සියයට 10 ටඅඩුකර ගැනීමට විශේෂ යෝජනාවක් ද ඊයේ (08)පැවති සභාවේදී සම්මත කරගැනීමට කටයුතු කර ඇත.
මුලාශ්‍රය – matarakibula.com

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *