Home / Stories / මාතර කිඹුලිගේ නෑයෝ බලන්න බෝට්ටුවෙන් යමුද ?

මාතර කිඹුලිගේ නෑයෝ බලන්න බෝට්ටුවෙන් යමුද ?

 67724980_443588876240893_4853256247832477696_n67797601_443533666246414_1265869351966212096_n
රටපුරා සංචාරක අසිරිය නවඉසව් කරා පැතිර යමින් තිබේ. ඒ වෙනුවෙන් වු අසිරිමත් මැදිහත්විම්ද දිනපතා එක්වෙමින් තිබේ.
මාතරකිඹුලිගේ නෑයෝ බලන්න යන්න පුලුවන් කමක් තියෙනවා කියල මාතර පැත්තේ ඇවිදින්න එන අයට හිතිල තිබුන නම් දැන් ඔන්න ඒකටත් අවස්ථාවක් .
චානක ජයවර්ධනගේ මුහුණු පොතේ මේ ලින්කුවට ගිහින් තවත් විස්තර හොයාගන්න
Chandika Jayawardhana is with Krishan Jeewaka Jayaruk and 47 others.

නිල්වලා ගඟේ කිඹුල් රැඟුම් බලන්න බෝට්ටුවේ යන්න එන්න මාතරට.

මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ පැටියා
තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
යන එන ඔරු පාරු නවතාගෙන සිටියා
මිනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා

මාතර නිල්වලා ගඟේ කිඹුලන් කිඹුලියන් ගැන අතීතයේ පටන් සඳහන් වූ බවට කදිම සාක්ෂියකි මෙම කවිය.

එදා මෙදාතුර මාතර නිල්වලාවේ කිඹුලාගේ ක්‍රියාකාරකම් ඔබට නැරඹීමට පහසුකම් සැලසීමට අපි දැන් සූදානම්.

පාසල් නිවාඩු සමයේ පවුලේ සියළු දෙනාටම ආරක්ෂාකාරීව කිඹුලන් නැරඹීමටත්, ගඟේ බෝට්ටු සවාරියක් යාමටත් එන්න මාතර වෙලේවත්තට.

දේශීය සංචාරකයන්ට විශේෂ සහන මිල ගනන් යටතේ 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් සඳහා පැය 2 ක කාලයක් තුළ ගඟ මුහුදට වැටෙන මෝය ගඟේ සිට නරඹන්න, කඩොලාන පරිසර පද්ධති අතර සුන්දරත්වය නරඹන්න, නාවිමන වේරදුව ප්‍රදේශය නිජබිම කරගත් ටයිසන් කිඹුලා නරඹන්න, ගං ඉවුරේ ගිනි තපින කිඹුලන්ගේ ජායාරූප ගන්න, සෙල්ෆි ගහන්න. එන්න අපවෙත.67795446_443533716246409_8256465986744483840_n

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *