Home / News / “නදුන් උයන” සංගීත ප්‍රසංගය නවතා දමා අය කළ සියලු මුදල් යලි ජනතාවට ලබාදීමට පියවර !

“නදුන් උයන” සංගීත ප්‍රසංගය නවතා දමා අය කළ සියලු මුදල් යලි ජනතාවට ලබාදීමට පියවර !

nadun-galaමුදල් අධීක්ෂණය, මූල්‍ය විනය හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝණය කරමින් මාතර මහ නගර සභාවේ පුරපති වරයා ප්‍රමුඛ බලාධිකාරය විසින් පැවැත්වීමට සූදානම් කළ “නදුන් උයන” සංගීත ප්‍රසංගය නවතා දමා ඒ වෙනුවෙන් නොයෙක් ආකාරයෙන් අය කළ සියලු මුදල් යලි ජනතාවට ලබාදීමට මන්ත්‍රී කමිටුව තීරණය කර තිබේ. ජුලි(30) දින විශේෂ සභාවක් කැදවා ප්‍රසංගය සම්බන්ධයෙන් තීරණය ක් ගැනීමට විශේෂ කමිටුව ක් පත්කරන ලද අතර එම කමිටුව අගෝස්තු( 01) රැස්වීමට තීරණය කර ඇතැයි මාතර කිඹුලා වේබ අඩවිය විසින් වාර්ථා කර තිබේ.
එහි වැඩිදුරටත් සදහන් වන්නේ සියලු පක්ෂ නියෝජිතයන් ගෙන් සැදුම්ලත් මේ කමිටුව අගෝස්තු 01 වෙනිදා මාතර මහනගර සභාවට රැස්වී තිබුන බවත්  කමිටුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්වන්නේ, මලිදු ගජධීර, මනෝජ් දුනුවිල, ජෙස්මින් සාලි, සෝමවීර, අජිත් රුහුණු හේවා, කේ. වයි රුවන් යන මන්ත්‍රීවරුන්‍ ය.විපක්ෂ නායක උපුල් නිශාන්ත මහතා කමිටුව වෙනුවෙන් නම් කර තිබුනත් ඔහු ඊට සහභාගී වූයේ නැති බවත්ය.
. “නදුන් උයන ” ප්‍රසංගය වෙනුවෙන් පත්කළ මේ විශේෂ කමිටුවේ දී අදහස් දැක්වූ මලිදු ගජධීර මන්ත්‍රීවරයා “කීප දෙනෙකුගේ අත්තනෝමතික මුරන්ඩු ක්‍රියාවක් නිසා මුලු මන්ත්‍රී කණ්ඩායම ම අපහසුතාවට පත් උනා. දැන් මේ ප්‍රසංගය සංශෝධනය කර හෝ නිවැරදි කරන්නට බැහැ. කල්ද මා ප්‍රසංගය කරනවා වෙනුවට මේ ප්‍රසංගය සම්පුර්ණයෙන් ම නවතා දමා ප්‍රවේශ පත් මිලදීගත් මිනිසුන්ට යලි ඒ මුදල් ලබාදී මට පියවර ගනිමු” යනුවෙන් යෝජනා කර ඇති බවද එහි සදහන්ය..

 

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *