Home / Articles / දුෂිත දේශපාලකයන්ට මාතර කිඹුලා ඉගැන්වු කදිම පාඩම !

දුෂිත දේශපාලකයන්ට මාතර කිඹුලා ඉගැන්වු කදිම පාඩම !

nadun-uyana-breakingමූල්‍ය විනය, ආදායම් අධීක්ෂණය හා ප්‍රසම්පාදන ක්‍රියාවලි උල්ලංඝණය කරමින් මාතර පුරපති ඔහුගේ දියණිය සහ දූෂිත මන්ත්‍රී කණ්ඩායමක් විසින් අගෝස්තු 17 දින මාතර වැල්ලමඩම රවින්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ රංග ශාලාවේ දී පවත්වන්නට සූදානම් කළ “නදුන් උයන ” ප්‍රසංගය තාවකාලිකව අත්හිටුවීමට මාතර මහ නගර සභාව තීරණය කර තිබුෙන් මාතර කිඹුලා වෙබ් අඩවිය විසින් කරන්නට යෙදුන හෙළිදරව්වක් හමුවේය.

එ ගැන වැඩිදුරටත් එහි මෙසේ දක්වා තිබුණි .

එම තීරණය ගෙන ඇත්තේ අද (30) පැවැති විශේෂ සභාවේ දීය. මාතර කිඹුලා විසින් කරන ලද හෙලිදරව් පදනම් කර ගනිමින් දකුණු පළාත් ආණ්ඩුකාරවර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා, මාතර මහනගර සභාවට ලිපියක් යොමුකර තිබේ. එම ලිපියෙන් නියෝග කර ඇත්තේ මෙම ප්‍රසංගයට අදාලව සියලු ලිපි ලේඛන හා එම ප්‍රසංගයට අදාලව මේ වනවිට එක් රැස්කර ඇති සියලු ආදායම් හා වියදම් පිළිබඳව සභාවේ ආදායම් නිළධාරීන් තහවුරු කරන ලද සංඛ්‍යා ලේඛනත් වහාම ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කරන ලෙසය.

1989 අංක 12 දරණ පළාත් සභා අනුෂාංගික විශේෂ විධිවිධාන පනතේ දෙවන වගන්තිය සමග කියැවිය යුතු 1947 අංක 16 දරණ මහ නගර සභා ආඥා පනතේ 278 හා 279 වගන්ති ප්‍රකාරව එම නියෝගය කර තිබේ. එතෙක් මේ ප්‍රසංගයට අදාල ඉදිරි කටයුතු නතර කරන ලෙසද, එසේ නොකරන්නේ නම් මහ නගර සභා ආඥා පනතේ 277 වගන්ති ප්‍රකාරව කටයුතු කරන බවද ආණ්ඩුකාරවරයා විසින් අවධාරණය කර ඇත.

ප්‍රසංගය යළි පැවැත්වීම සඳහා සලකා බැලීමට අද විශේෂ කමිටුවක් පත්කර ඇති අතර අගෝස්තු 01 දින එම කමිටුව රැස්වී තීරණයක් ගැනීමට යෝජනා කෙරී තිබේ. විපක්ෂ නායක උපුල් නිශාන්ත, මනෝජ් දුනුවිල, ඩෙස්මන් සිල්වා, ජස්මින් සාලි, සෝමවීර, මලිදු ගජධීර හා නියොජ්‍ය පුරපතිවරයාද එම කමිටුවට ඇතුලත්ය. දූෂිත ප්‍රසංගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී චමින්ද සිල්වා පමණක් සිය විරෝධය පළකර සිටි අතර ප්‍රියංකර රත්නායක මහතා සභාවට පැමිණ සිටියේ නැත.

විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම පවා මේ දූෂිත සංගීත ප්‍රංගය සම්බන්ධයෙන් මුනිවත රකිමින් සිටින බව චමින්ද සිල්වා මන්ත්‍රීවරයා මාතර කිඹුලා කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් පැවසීය. විපක්ෂ නායක උපුල් නිශාන්ත මහතාගෙන් මේ පිළිබඳව විමසා සිටියදී ඔහු පැවසුවේ නිවැරදි කිරීමට නොහැකි වැරැදි පුරපතිවරයා ඇතුලු කණ්ඩායම විසින් කර ඇති බවයි. කෙසේ වෙතත් ප්‍රසංගය පවත්වන්නේ නම් සභාවේ මුදල් වැය කිරීමට ඉඩක් නොදෙන බවද ඔහු පැවසීය.

හෙට දවසේ මාධ්‍ය කලාව යනු වෙබ් මාධ්‍ය කලාව යන්න අවිවාදිතය. ඉනුත් මාතර කිඹුලා වැනි ප්‍රාදේශිය වෙබ් අඩිවි වලට කළ හැකි අගනා මෙහෙය ගැන මාතරකිඹුලා වෙබ් අඩවිය විසින් දැනටමත් පෙන්වා හමාරය.

 

ආණ්ඩුකාරවරයා විසින් නගරාධිපතිවරයා වෙත යොමු කළ නදුන් උයන ප්‍රසංගය දූෂිත බව දැක්වෙන ලිපිය පහත පළවේ..

 

About freddy

Check Also

image_7655e8db3f

විදුලි සැර වැදුන තරුණයෙක් ජීවිතක්ෂයට

සිය ලොරි රථයේ ගමන් කරමින් සිටියදී විදුලිසැර වැදීමෙන් ගල්පොත්තයායේ පදිංචිව සිටි 33 වැනි වියේ පසු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *