Home / Stories / අන්තර් ජාතික ප්‍රජාව ජනපති සිරිසේනට පෙන්නපු රතුඑළිය !

අන්තර් ජාතික ප්‍රජාව ජනපති සිරිසේනට පෙන්නපු රතුඑළිය !

9936d939aef272e91719d8fca1343840_L

ඊයේ පාර්ලිමේන්තු සැසියෙන් පසු විමල් විරවංශ මාධ්‍ය හමුවේ කියන්නට යෙදුණේ බටහිර කුමන්ත්‍රණයක් ගැනය. එය ඔහුගේ සුපුරුදු බණ දේශනාවයි. එහෙත් ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ජනපති සිරිසේන විසින් එල්ල කර තිබෙන මරු පහර ජගත් ප්‍රජාව විසින් බරපතල ලෙසින් හෙළා දැක තිබේ.
මේ නිසාම ජනපති සිරිසෙන විසින් නම් කරන්නට යෙදුන  අගමැති ගැන ලෝකයේ කිසිදු රටකින් සුබපැතුම් පැමිණියේද නැත,රාජ්‍ය ත්‍රාන්තික ප්‍රජාව පසුගිය දා ජනපති සිරිසේන විසින් මේ නටමින් තිබෙන නාඩගමට තවත් අපුරු කණේ පාරක් එල්ල කර තිබුණි.එනම් ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීන්දුව පිළිබඳව කරුණු දැක්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් පසුගිය (12) කොළඹ දී පැවැත්වූ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ හමුවට බටහිර රටවල් 8ක නියෝජිතයන් සහභාගී නොතිබිමයි .

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වූ එම රාජ්‍ය තාන්ත්‍රික හමුවට බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ කැනඩාව යන රටවල මහ කොමසාරිස්වරුන් සහ නෙදර්ලන්තය, ඉතාලිය, ප්‍රංශය සහ නෝර්වේ යන රටවල තානාපතිවරුන් හෝ වෙනත් නියෝජිතයකු හෝ සහභාගී වී නැතැයි ද රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරුන්, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව යන රටවල මහ කොමසාරිස්වරුන් එම හමුවට සහභාගී වීමෙන් වැළැකී සිට ඇත.

ඇමෙරිකා තානාපති කාර්යාලයේ සහ කොළඹ යුරෝපා සංගම් කාර්යාලයේ නියෝජිතයෙක් හමුවට සහභාගී වී ඇති අතර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ කිසිවකුත් එම හමුවට සහභාගී වී නොමැත.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති තුන්ග් ලායි මාගේ මහතා විදෙස් ගත වී ඇතැයි මේ පිළිබඳව කරන විමසීමක දී දැනගන්නට ලැබිණි.

මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරෝධය පළ කිරීමක් ලෙස බටහිර රටවල් අටක රාජ්‍ය තාන්ත්‍රිකයන් විදේශ අමාත්‍යවරයා හා රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර පැවැති හමුවට සහභාගී වීමෙන් වැළැකී සිට ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ශ්‍රී ලංකාවේ විදෙස් දූත මණ්ඩල 43ක ප්‍රධානීන් කැඳවා තිබූ බව ද රාජ්‍ය තාන්ත්‍රික සහ රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි. එහෙත් ඊට සහභාගී වූයේ අතළොස්සක් පමණක් බව ද එම පුවත් වාර්තාවේ දැක්විණි.

බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ කැනඩාව යන රටවල මහ කොමසාරිස්වරුන් සහ නෙදර්ලන්තය, ඉතාලිය, ප්‍රංශය සහ නෝර්වේ යන රටවල තානාපතිවරුන් මෙම හමුවට සහභාගී නොවූ බව ද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි. යුරෝපා සංගමය, ඇමෙරිකාව සහ ජර්මනිය නියෝජිතයන් එම හමුවට යැවූ බව ද රොයිටර් පුවත් සේවය සඳහන් කර තිබිණි.

ශ්‍රී ලංකාවේ ප්‍රධානම අසල්වැසියා වන ඉන්දියාව ද මෙම හමුවට කනිෂ්ට නියෝජිතයකු යැවූ බව ද රොයිටර් වාර්තාවේ තවදුරටත් දැක්විණි.

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *