මහින්ද රාජපක්ෂලාට අත්වු අන්ත පරාජය හේතුවෙන් වියරු වැටි සිටින මැරයෝ වැඩඅරභා ඇත.
හම්බන්තොට ලුණු ලේවායේ  සභාපති ආයුබ්ඛාන් මහතා ඇතුළු තිදෙනෙකුට අද (14) ලුණු ලේවාය අසළදී කිසියම් පිරිසක් විසින් පහර දි ඇතැයි හම්බන්තොට පොලීසිය පවසයි.මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ හම්බන්තොට ලුණු ලේවායේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අයුබ්ඛාන්(56) , හිටපු සභාපති වරයාගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු ලෙස කටයුතු කළ  බුන්දල, වැලිගත්ත පදිංචි වීරප්පුලි ගමගේ ශ්‍රියානන්ද(59) හා මහලේවාය, හම්බන්තොට පදිංචි සහකාර ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කළ තුෂිත් චින්තක අමරවිර(43) යන තිදෙනායි.පහරකෑමට ලක් වූ හිටපු සභාපති වරයා ඇතුළු තිදෙනා සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසියට 14 දින පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් පහරකැමට ලක් වු  සභාපති ආයුබ්ඛාන් මහතාගෙන් අප කළ විමසිමකදි ඒ මහතා මෙසේ පැවසීය.

“ලුණු ලේවායේ සභාපති වරයා මමයි.මට කිසිදු දැනුම් දීමකින් තොරව පෙරේදා (13) ලුණු ලේවායට නව සභාපති වරයෙකුත් පත් කර තිබෙනවා. ඒ මොන පත් කිරීම කලත් තවමත් නිත්‍යණුනුකූල සභාපති මමයි. මම ඊයේ (14) දහවල් ලුණු ලේවායට ගියේ එහි ඇති වු බව කියන නොසන්සුන්කාරී තත්වයක් සම්බන්ධයෙන් සොයා බැලිමටයි.

ලේවාය ඇතුළේ අද (14) පෙරවරුවේ පිටතින් ආව පිරිසක් එක්ව විරෝධතාවයක් පවත්වලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා මට දුරකතනයෙන් කතා කරලා කිව්වා වහාම ලේවායට ගිහින් ඒ තත්වය පිළිබදව සොයා බලා ආරක්ෂක අංශ වෙත උපදෙස් දෙන ලෙස. ඒ අනුව මම තවත් දෙදෙනෙකුත් එක්ක ලුණු ලේවායේ ප්‍රධාන පිවිසුමේ සිටින ආරක්ෂක නිලධාරින් හමු වෙලා ඒ අයට උපදෙස් දුන්නා ලේවාය පරිශ්‍රයට පිටතින් පැමිණෙන කිසිවකුටත් ඇතුළුවෙන්න දෙන්න එපා කියලා. එහෙම කියලා මම එනකොටයි මේ මැර ප්‍රහාරය මටත් මගේත් එක්ක ගිය දෙදෙනාටත් එල්ලවුණේ. මන් මේ සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියට පැමිණිල්ලක් සිදු කලා. පැමිණිල්ලට සාධාරණයක් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.

පහරදීම සම්බන්ධයෙන් පොලීසිය ලද පැමිණිල්ලට අනුව හම්බන්තොට මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ෂණ පවත්වයි.

මුලාශ්‍රය – ලංකාදිප