Home / News / බලු බෙටි ගැන රටටම පැමිණිලි කළ නාගරික කොමසාරිස්වරයෙක් !

බලු බෙටි ගැන රටටම පැමිණිලි කළ නාගරික කොමසාරිස්වරයෙක් !

seneka Pමාතර පොලේ අඩුපාඩු සොයා බැලීම සදහා මාතර නාගරික කොමසාරිස් සේනක පල්ලිය ගුරුගේ’ නගරාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් එහි සංචාරය කරනු ලැබුවේ 2018.10.02 වැනි දිනය.එහිදී එම පිරිසට දැකගන්නට ලැබුනේ ජුගුප්සා ජනක දර්ශනය කි.පොලට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවට විකිනීමට සූදානමින් පොලේ පේමන්ට් එකක බිම තුනීකර තිබූ ලූනු තොගයේ තැනින් තැන බලුබෙටි ය…බලල් බෙටිය…?මේ අප්‍රසන්න දර්ශනය සිය ජංගම දුරකථනයෙන් උපුටා ගත් නාගරික කොම්සාරිස්වරයා සිය ෆෙස්බුක් ගිනුම හරහා මේ අවනඩුව රටට කීවේ ය..එපමනක් නොවේ අදාල බලධාරීන් ට මේ බව දැනුම් දී බලුබෙටි සහිත ලූනු තොගය විනාශ කරන්නට පියවර ගත්තේ ය. මිත්‍රවරුනි අද වනතුරු ඒ ලූනු තොගය කාගේ දැයි දන්නේ නැත .අපකීර්තියට බියෙන් කිසිදු වෙලෙන්දෙකු ඊට හිමිකම් කීවේ නැත.මාතර නාගරික මන්ත්‍රී වරුන්සොයා බැලිය යුත්තේ මේ ලූනු තොගය කාගේද…? යන්නය…එය පසෙක තබා මාතර නාගරික මන්ත්‍රී කේ.වයි රුවන් සහ උපුල් නිශාන්ත යන මහත්වරු ඊයේ (ඔක්:11)සභාවට යෝජනාකර තිබුණේ නාගරික කොමසාරිස් සේනක පල්ලිය ගුරුගේ මහතාගේ ෆෙස්බුක් භාවිතාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කලයුතු බවයි…සභාවේ වියරුවෙන් හැසිරුණු මන්ත්‍රී බාන නාගරික කොම්සාරිස්වරයා ට තදබල ලෙස වාග් ප්‍රහාර එල්ලකර තිබුණි .
(දායා නෙත්තසිංහගේ මුහුණු පොතෙනි )

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *