Home / News / පරිස්සම් වෙන්න බලු අසූචි සමඟ රතු ලූණු මාතර මාර්කට් එකේ ?

පරිස්සම් වෙන්න බලු අසූචි සමඟ රතු ලූණු මාතර මාර්කට් එකේ ?

බලු බෙට්

දිනපතා විවෘත කර තබන මාතර මාර්කට් ගොඩනැගිල්ලේ පළමු මහලේ කොරිඩෝවක බිම දමා තිබූ මෙම ලූනු තොගය ඇස ගැටුනේ ගරු නගරාධිපතිතුමා සමඟ අද දින අප සිදු කළ ක්ෂෙත්ර චාරීකාවේදීය.
කුණු දූලි පිරි බිම මත විසුරුවා හැර තිබූ ලූනු තොගය මත කිලෝ 2 ක පමණ බල්ලන් කැත කර තිබුණි. ලූනු තොගයේ අයිතිකරු වහාම අතුරුදහන් වූ අතර අයිතිකරුවකු නැති ලූනු තොගය ගරු නගරාධිපතිතුමාගේ අනිත් මහජන සෞඛ්ය පරීක්ෂකවරු විසින් විනාශ කළේය. මහජන පොළේ ගැටලු සොයා බැලීමට ගිය මෙම ගමනේදී ලූනු තොගය අප ඇස නොගැටෙන්නට බල්ලන්ගේ අසූචි මිශ්ර ලූනු අද හෙටම ජනතාවට අලෙවි කරනු ඇත.
මහජන පොලේ භෞතික පහසුකම් වල කුමන අඩුපාඩුකම් තිබුණද පාරිභෝගික ජනයාගෙන් ලබා ගන්නා මුදලට සරිලන භාණ්ඩ අලෙවි කිරීමට තරම් අවම සදාචාරයක්වත් වෙළෙන්දකුට තිබිය යුතුය.
සල්ලි වලට ජනතාවට ජරාව කවන මෙවන් තක්කඩි වෙලන්දන් සිටින තැන්වලින් කන බොන දේවල් මිලට ගැනීමේදී දෙවරක් සිතන්න….

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *