image_5050af801aපිටබැද්දර පොලිස් බල ප්‍රදේශයට අයත් තැන්න හේන වතුයායේ  අතුරු මාර්ගයක තිබී පිරිමි පුද්ගල මළ සිරුරක් අද  (08) උදෑසන සොයා ගත් බව පිටබැද්දර පොලිසිය කියයි .

මියගොස්  ඇත්තේ පිටබැද්දර තැන්නහේන, බලපත්‍ ඇල්ල ගම්මානයේ පදිංචි ගිංතොට  විධාන ආරච්චිලාගේ සුනිල් නැමැති  (33) හැවිරිදි දෙදරු පියකු බව පොලීසිය  කියයි.

මිතුරෙකුගෙන් ලද තොරතුරක් මත මරණකරු ඊයේ  (07)  තවත් කිහිපදෙනෙකු සමග  මත්පැන් සාදයකට සහභාගී වී ඇති අතර එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන්  ගැටුමක් ඇති වී පසුව එය සමථයකට පත්ව මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත .

ඔහු මිය යාමට හේතුව  ගැටුමද  එසේ නොමැති නම් වෙනත් හේතුවක්ද යන්න පොලිසිය ඉදිරි විමර්ශන  කටයුතු ආරම්භ කර ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් කිසිවෙකු  අද  (08) දහවල් වන තෙක් අත්අඩංගුවට ගෙන නොතිබුණි.

ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබූ අතර  සිද්ධිය සම්බන්ධයෙන් පිටබැද්දර පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි .

(ලංකාදීප)