Home / Stories / “මීටරෙන් ජිවිතේ ” ගාල්ලේ බස් ඇතුලටත් අරන් යයි !

“මීටරෙන් ජිවිතේ ” ගාල්ලේ බස් ඇතුලටත් අරන් යයි !

galle 3galle 2කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වෙමින් දෛනික කටයුතු ඉටුකරගැනීමේදී සෞඛ්‍ය රීති අනුගමනය කිරීමේ වැදගත්කම සම්බන්දව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ගාල්ල පොලිසියේ පොලිස් පරිසර ඒකකය විසින් ගාල්ල නගරයේ දී අද (27) පවත්වන ලද බව rata.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබුණි

“මීටරෙන් ජීවිතේ”  යනුවෙන් සඳහන් කළ ස්ටිකර්, බස් රථ ද ඇතුළුව නගරයේ ජනතාව බහුලව ගැවසෙන ස්ථාන වල ඇලවීම ද මෙහිදී සිදුකර තිබේ

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විකුම් ගිනිගේ සහ ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල කපිල සේනාපති ද සිල්වා ගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වි තිබුන අතර  පසුගිය දින කිහිපයක දී ම කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව ද ගාල්ලේ ව්‍යාපාරික ස්ථානවල හිමිකරුවන් සහ සේවක සේවිකාවන් දැනුම්වත් කිරීම ද පොලිස් නිලධාරීන් විසින් සිදුකරනු ලැබීය. දෛනික අවශ්‍යතා සඳහා ව්‍යාපාරික ස්ථානවලට පැමිණෙන පුද්ගලයන්ගේ තොරතුරු තබාගැනීමේ වැදගත්කම පිළිබඳව එහිදී විශේෂයෙන් දැනුම්වත් කිරිම්ද සංවිධානය කොට තිබුණි.galle 1

මුලාශ්‍රය/ ඡායා  – rata.lk

 

 

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *